IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


මධ්‍යම පරිසර අධිකාරියත් “ගව්පේ”ට වහ වැටෙයි

(අංජුල මහික වීරරත්න)

මධ්‍යම පරිසර අධිකාරිය “ගව්පේ (GovPay) රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” සමඟ එක්ව කටයුතු කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සපයනු ලබන විවිධ සේවාවන් සඳහා සියලු ගෙවීම් “GovPay" රාජ්‍ය ඩිජිටල් වේදිකාව” ඔස්සේ ගෙවීමට පහසුකම් සැනසෙනු ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් සපයනු ලබන සේවාවලට අදාළ ක්ෂේත්‍ර වල පරීක්ෂණ ගාස්තු (Inspection Fees), බලපත්‍ර ගාස්තු (License Fees), ක්‍රියාත්මක කිරීමේ ගාස්තු (Processing Fees), අපනයනය සඳහා බාසල් එකඟතා ලබාදීමේ ගාස්තු (Basel Export Consent Fees), සහතික කිරීමේ ගාස්තු (Certificate Fees), පරිපාලන ගාස්තු (Administration Fees), ලියාපදිංචි ගාස්තු (Registration Fees), වාර්ෂික ගාස්තු (Annual Fees), රසායනාගාර ගාස්තු (Laboratory  Fees), අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගාස්තු (Waste Disposal Fees), ප්‍රසම්පාදන ගාස්තු (Procurement Fees), ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානයට අදාළ ගාස්තු (NEIC Payments) සහ විභාග ගාස්තු (Exam Fees) යන සේවා වර්ගවලට අයත් සියලු ගාස්තු “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව”  ඔස්සේ ගෙවිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

“GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාවේ  ක්‍රියාත්මක බැංකු 14 සහ ෆින්ටෙක් (FinTech) යෙදවුම් 06 ඔස්සේ මෙම ගාස්තු ගෙවීමට සේවාලාභීන්ට අවස්ථාව සැලසේ.

මෙම ක්‍රමවේදය සමඟ එක්වීම හේතුවෙන් සේවාලාභීන්ට සහ මධ්‍යම පරිසර අධිකාරියට පහසුවෙන්, කාර්යක්ෂමව සහ විශ්වසනීය ලෙස තම කාර්යයන් ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙන බවද පරිසර අධිකාරිය පවසයි.

2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” සමඟ රාජ්‍ය ආයතන 147ක් එක්වී ඇති අතර මධ්‍යම පරිසර අධිකාරිය එලෙස එක්වූ නවතම ආයතනයයි. “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාවේ”  වාර්තාගත දත්තවලට අනුව අදාළ කාලයේ එම රාජ්‍ය ආයතන 147 ඔස්සේ ලබාදෙන රාජ්‍ය සේවා 2017ක් සඳහා රුපියල් මිලියන 291ක ගෙවීම් “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” ඔස්සේ සිදුකර ඇත. 

මධ්‍යම පරිසර අධිකාරිය සහ LankaPay පුද්ගලික සමාගම අතර “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව”  සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් තැබීම  මධ්‍යම පරිසර අධිකාරියේ දී සිදුකළ අතර ඒ සමඟින් මෙම ගෙවීම් ක්‍රමවේදය මහජනතාවට නිල වශයෙන් විවෘත කරන ලදී. 

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ , LankaPay පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා , ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ ඩිජිටල් රාජ්‍ය හා ඩිජිටල් ආර්ථික වැඩසටහන් කළමනාකරු උදය කස්තුරිරත්න මහත්වරු  නිලධාරීහු සහභාගී වූහ.



අදහස් (0)

මධ්‍යම පරිසර අධිකාරියත් “ගව්පේ”ට වහ වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32801 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15400 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10001 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 170 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 473 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1398 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site