(ගයාන් සූරියආරච්චි)

ජාවාරම් කිරීම සදහා මත්කරල් 6700 ක් සනත්කයේ තබාගෙන සිටි ජාවාරම්කරුවකු වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරු එම මත්කරල ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කදවුරේ බස්නාහිර උතුර ඒකකයේ නිලධාරින් සහ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.