බස්නාහිර පළාතේ ප‍්‍රථමවරට ක‍්‍රියාත්මක කරන මංතීරු නීතිය පිළිබඳව දෙමළ භාෂාවෙන් දැක්වෙන පුවරු ඉදිරි දෙසතියේදී සවිකරන ලෙස ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.
එසේ නොවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය පොලිස්පතිවරයා වෙක ලිපියෙන් දන්වා යවා තිබේ.
‘මංතීරු නීතිය ක‍්‍රියාත්මකයි‘ යන පුවරු සිංහල හා ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් සවිකර තිබීමත් දෙමළ භාෂාවෙන් ඒ බව සඳහන් නොවීමත් මෙම තත්ත්වයට හේතුවී තිබේ. දෙසැම්බර් 01 වැනිදා මංතීරු නීතිය ආරම්භ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කොමෙන්ට්ස් දාන අය දැන ගත යුතුයි නීතියක් හෝ රාජ්‍ය දැනුම් දීමක් රාජ්‍ය භාෂාවෙන් ලිවිය යුතු බව. 1972 ජනරජ ආණ්ඩු ව්‍යස්ථාවෙන් සිංහල, දෙමල සහ ඉංග්‍රීසි තුනම රාජ්‍ය භාෂා ලෙස නීතිගත කළා. එහෙමනම් භාෂා තුනෙන්ම මේ දැන්වීම් පුවරු සමන්විත විය යුතුය. මේ නිතිය හරි. බස්නාහිර පමණක් නොව උතුරේත් මේ නිතිය ක්‍රියාත්මක විය යුතුවේ. (බ)
මොහොමඩ්, දන්නා භාෂාවක් ගැන කතාකරන්න. අපිත් පාලි විතරයි දන්නේ. ඔය භාෂා තුනම තේරෙන්නේ නැහැ කියන කෙනා කොහොමද අරාබි දන්නේ? (නි)
උන්ට තියන තැන, අපිට තමයි හෙන, (කෞ)
ලංකාවේ රාජ්‍ය භාෂා 3 ඇති නිසා මෙවැනි නාම පුවරු භාෂා 3 න්ම තිබිය යුතුය , මෙය ලංකාවේ බස්නාහිර පළාතේ පමණක් නොව උතුරු නැගෙනහිර ඇතුළු සෑම පළාතකම ක්‍රියාත්මක විය යුතුය . (කෞ)
එතකොට ඔය සිංහලෙන් නැති තැන වල යාපනේ වගේ ඒවාට මොකද දන්නේ න කියන්නේ ....යාපනේ හුගක් තැන වල තියෙන්නේ දෙමල හා ඉංග්‍රීසි පමණි.........(කෞ)
ලංකාවේ රාජ්‍ය භාෂා 3 ඇති නිසා:- මෙන්න තවත් අපූරු කතාවක්. කොහෙද හලෝ ලංකාවේ රාජ්‍ය භාෂා 3ක් මෙයාලට අමු කැවිලද. 2015 ජනවාරි 8 වෙනිදායින් පසුව උනාද කියල නම් මම දන්නේ නැත. (කෞ)
එතකොට ඔය සිංහලෙන් නැති තැන වල යාපනේ වගේ ඒවාට මොකද දන්නේ න කියන්නේ ....යාපනේ හුගක් තැන වල තියෙන්නේ දෙමල හා ඉංග්‍රීසි පමණි.. දෙන්නකො පුලුවන්නම් කුමාරට උත්තර (කෞ)
1972 ජනරජ ආණ්ඩු ව්‍යස්ථාවෙන් සිංහල, දෙමල සහ ඉංග්‍රීසි තුනම රාජ්‍ය භාෂා ලෙස නීතිගත කළා. ජේ ආර් රට ජාතිය කෑවා ද කියලත් හිතෙනව (කෞ)
මේක නම් හොඳ දෙයක් (නි)
උර්දු භාෂාවෙනුයි වැදී භාෂාවෙනුයි නොලිව්වොත් ඒ භාෂාවන් කතා කරන ජනතාවටත් අසාධාරණයක් නේද ?මේ පලදෙන්නේ 56 සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ අනිටු පල විපාක නේද ? (ර)
ඒක නම් හොඳයි (නි)
පාලි හා සංස්කෘත භාෂාවනුත් ලංකාවේ තියෙන නිසා ඒ භාෂාවලිනුත් ලියන්න ඕනෑ. යුරෝපයේ රටවල් 15 ක් විතර තියෙනවා. ඒ ඒ රටවල රාජ්‍ය භාෂාවලින් පමණයි හැම එකක්ම තියෙන්නේ. ජර්මනියේ වැඩිම දෙවන ජාතිය වන්නේ තුර්කි ජාතිකයන්ය. එහෙත් පාරවල්වල බෝර්ඩ් තුර්කි භාෂාවෙන් නැත. ප්‍රංශය, එංගලන්තය, ඉතාලිය ඇතුළු හැම රටකම එසේය. නීතිය නම් හැම කෙනෙක්ම රටේ ප්‍රධාන භාෂාව ඉගෙනගත යුතු වීමය. (ර)
තව එදිරියට චීන භාෂාවෙනුත් ලියන්න වෙයි නේද.? (ර)
රටේ සෑම තැනකම බෝඩ් භාෂා තුනෙන්ම තිබිය යුතුයි. (ර)
හොද වැඩක් (ම)
රටක පුවරුවල සදහන් කරන්න ඔනෑ ඒ රටේ රාජ්‍ය භාෂාව.. මම ඉන්න කැනඩාවේ රාජ්‍ය භාෂා 2 වන ඉන්ග්‍රීසි හා ප්‍රංෂ භාෂා වලින් මේ රටේ හෑම පොදු දැන්වීමක්ම තියෙනව.. ඒවගේ ලංකාවේ රාජ්‍ය භාෂා 2න් පුවරු වල සදහන් කිරීම කල යුතුයි.. (කෞ)
මුස්ලිම් අපිට ඔය භාෂා තුනම තේරෙන්නේ නැහැ. අපි ඉල්ලනේ අරාබි භාෂා වෙනුත් ලියන්න කියල. (බ)
ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න රටවල් චීනය, ඉන්දියාව, ඇමරිකාව, ඉන්දුනීසියාව එකම රටේ භාෂාව විතරයි පාවිච්චි කරන්නේ අපේ වගේ කුඩා රටකට තියන භාෂාව සියලු දෙනා දන ගත යුතුයි.(ම)
ඔය මෝඩ කමෙන්ට් දාන්න එපා - සාක්කුවේ තියෙන මුදල් නෝට්ටුවක් හරි කාසියක් හරි අරගෙන බලන්න .. ලංකාවේ හැම මඟුලකම සිංහල දෙමල ඉංග්‍රීසි වලින් තියෙනවා .. මේක අලුත් දෙයක් නෙමයි. (කෞ)
යාපනේ බෝඩ් සිංහලෙන් තියද දන්නේ නැ (කෞ)
යාපනේ විතරක් නෙවෙයි උතුරු නැඟෙනහිර බෝර්ඩ් සියල්ලම තියෙන්නේ ද්‍රවිඩ භාෂාවෙන්. ලංකාවේ ඉතින් කොහොමටත් බෝර්ඩ් විතරයි තියෙන්නේ. බෝර්ඩ්වල හැටියට වැඩ නම් නැහැ.(ම)
අපි මුස්ලිම්. ඒ වුණාට අපිට නම් සිංහලෙන් තිබුනාම හොඳටම ඇති (නි)