IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


මඩකළපුවේ පුරා විද්‍යා බෝඩ් ගලවන් යයි

(අමදෝරැ අමරජීව සහ වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව මංමුනේ දකුණ සහ කෝරලේපත්තු වාලච්චේන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අයත් පුරාවිද්‍යා ස්ථාන පහක සවිකර තිබූ නාම පුවරු පහක්  ගලවා ඉවත් කර ඇතැයි   කිරන් හා පට්ටිපලෙයි පොලිසි පවසයි.

තණ්දාමලේ (රහත්ගල) , මුරුන්කන්තිව්, තිකිළිවෙට්ටෙයි, පෙන්ඩුකල් චේනෙයි හා සාරාවෙළි යන පුරාවිද්‍යා ස්ථානවල නම් සඳහන් නම පුවරු මෙලෙස ගලවා ඉවත් කරගෙන ට්‍රැක්ටරවල පටවාගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ පොලිසිවලට පැමිණිලි කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඩකලපුව - අම්පාර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ මහතා මෙම පුවරු අද ගලවා ට්‍රැක්ටර්වල පටවාගෙන ගොස් ඇති බව කියයි.

සහකාර අධ්‍යක්‍ෂවරයා තවදුරටත් පවසන්නේ ගවේෂණ වලදි අලුතෙන් හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානවලට මේ වසරේ ව්‍යාපෘති හරහා යෙදූ නාමපුවරු මෙලෙස ගලවාගෙන ගොස් ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුවත් කළ බවද කීහ .

මේ අතර මඩකලපුවේ සංස්කෘතික උත්සවයකට සහභාගී වී සිටියදී සිද්ධිය සැලවූ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට පොලිසියට උපදෙස් දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බවයි.

 

 



අදහස් (0)

මඩකළපුවේ පුරා විද්‍යා බෝඩ් ගලවන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1014 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site