IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මීගමු රෝහලේ දී කණ සම්බන්ධ විශේෂ සැත්කමක්

(ප්‍රසංග පෙරේරා සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කැමරාවක් මගින් යුස්ටේකීය නාලයේ අවහිරතා ඉවත් කිරීමේ සාර්ථක ශල්‍ය කර්මයක් මීගමුව රෝහලේදී අද දින සිදු  කරනු ලැබීය.

එන්ඩෝස්කොපි ඉස්ටේකියන් ටියුබ් සර්ජරි හෙවත් සියුම් කුඩා ප්‍රමාණයේ කැමරාවක් කනේ යූස්ටේකීය නාලයේ අවහිරතා ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් ශ්‍රී ලංකාවේදී   ප්‍රථම  වතාවට මීගමුව දිස්ත්‍රික් රෝහලේ දී සිදු කරන ලද්දේ කන, උගුර සහ ගෙල සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය විද්‍යා නිධිරිශ්නි ශකාෆ් මහතා විසිනි.

යමක් ශ්‍රවණය කිරීමට මිනිස් සිරුරක ඇති වැදගත්කම සහ එකම ඉන්ද්‍රිය වන්නේ කන හෙවත් සවනයි.

එහෙත් සමහර විටක හඬ සහ ශබ්ද ඇසීමේ අවහිරතා හෙවත් ශ්‍රවණ අවහිරතා මතුවීමට ඉඩ තිබේ. කනේහි ඇති වන එවැනි අවහිරතා තත්වයන් බොහෝ විට අප හදුන්වන්නේ කන අගුල් වැටෙනවා යනුවෙනි.

එවැනි අවස්ථාවක් ස්ථිර ලෙසම පැවතිය හොත් අවට පරිසරයේ හඬ ශබ්ද මෙන්ම අප කතා බහා කරන දේ පවා ඇසීමට නොහැකි තත්වයකට පත්වේ.

කන් ඇහෙන්නේ නැතිව යනවා යනුවෙන් අප පවසන්නේ එවැනි තත්වයකී.

කනෙහි එවැනි තත්වයක් ඇතිවීමට කරුණු කිහිපයක් බලපෑ හැකිය.

එනම් මැද කනෙහි සෙම පිරී තිබීම හෝ මැද කනේ පීඩනයේ ඇතිවන වෙනස් වීම් නොඑසේනම් මැද කනෙහි ආසාදනයක් නිසා හෝ විශබීජයක් නිසා සැරව ඇති වීම, එමෙන්ම කනේ කර්ණපඨහාපටලය හෙවත් කන් බෙරයේ ඇති වන විශේෂිත තත්වයෙන් ආදී හේතූන් නිසාවෙන් කන් ඇසීම නිසි ලෙස සිදු නොවන්නට ඉඩ තිබේ.

එවැනි තත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් ම බලපානු ලබන්නේ කනෙහි ඇති යුෂ්ටේඛීය නාලයේ අවහිරතාවය න් ය. එවැනි අවස්ථාවක මෙරට රෝහල් වලදී මෙතෙක් සිදු කලේ එම රෝගියා ගේ කනෙහි කන් බෙරයේ ඉතා සියුම් සිදුරක් ඇති කර මැද කනෙහි ඇති සෙම හෝ වෙනත් විශබීජයක් වේ නම් එවා පිටතට ගැනීමයි. නොඑසේ නම් කන් බෙරයට සියුම් ප්ලාස්ටික් බටයක් දමා මැද කනෙහි ඇති සෙම හෝ විශබීජ පිටතට ගැනීමයි.

මෙවැනි තත්වයකදී එවැනි ශල්‍යකර්මයකට ලක්වන රෝගියකු යම් ආකාරයක අවදානම් සහිත තත්වයකට වුවද ලක් වීමට බෙහෙවින් ම ඉඩ තිබේ. එහෙත් මෙරට රෝහලකදී ප්‍රථම වතාවට  මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කළ මෙම සුවිශේෂී ශල්‍යකර්මය තුලින් එම යුෂ්ටේකීය නාලය තුළ පවතින සියළු අවහිරතාවන් ඉවත් කරනුයේ කනෙහි ඇති කර්ණපටහා පටලය සිදුරු කිරීමක් හෝ පලුදු කිරීමක් සිදු නොකර වීම මෙහි ඇති විශේෂත්වයයි.

ඒ අනුව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී දී ප්‍රථමයෙන්ම මෙම ශල්‍යකර්මය වයස අවරුදු 47 ක් වන කාන්තාවකට, වයස අවරුදු 11 ක පිරිමි ළමයකුට හා 68 හැවිරිදි කාන්තාවකට සිදු කරනු ලැබීය.

මේ සදහා අවශ්‍ය වන ශල්‍ය උපකරණ මෙරට නොවු අතර එම උපකරණ විශේෂද ශල්‍ය වෙෙද්‍ය රිශ්නි සකාෆ් මහතා පෞද්ගලිකව මෙරටට ගෙන්වා ඇත.

මීට මාස 02 කට පමණ පෙර මීගමුව රෝහලේ සේවය සදහා පැමිණ ඇති විශේෂඤ ශල්‍ය වෛද්‍ය රිස්නි සකාෆ් මහතා හලාවත, කුලියාපිටිය, හෝමාගම , වතුපිටිවල, කොළඹ ජාතික රෝහලේද සේවය කර ඇති අතර එංගලන්ත ය , ඕස්ට්‍රේලියාව, ස්විස්ටර්ලන්තය, සහ ජර්මනියේ රෝහල් වල විශේෂ අත්දැකීම් ලද අයෙකී .

මීගමුව මහා රෝහලේ දී සිදු කළ මෙම සුවිශේෂී ශල්‍ය කර්ම ය සදහා වෛද්‍යවරුන් 11 ක් ඇතුළු හෙද රෝහල් කාර්ය මණ්ඩලයක් සහභාගී වී තිබේ.



අදහස් (6)

මීගමු රෝහලේ දී කණ සම්බන්ධ විශේෂ සැත්කමක්

මනෝජ Wednesday, 22 October 2025 01:57 AM

ඉතින් ඔය උපකරණ අපේ රෝහල්වලටත් ගන්නකෝ

:       3       5

පුවක්දණ්ඩේ විමලේWednesday, 22 October 2025 10:32 AM

කෙහෙලියගේ වන්දියෙන් ගන්න පුලුවන් වෙයි.

:       0       5

chandima Wednesday, 22 October 2025 03:40 AM

ස්තුතියි වෛද්‍ය තුමනි. අපරාධේ අතින් වියදම් කරලා යන්ත්‍රේ ගෙන්නුවේ . සජිත් මහත්මයාට කිව්වනම් යන්ත්‍ර පන්දාහක් ගෙනත් බෙදාගෙන බෙදාගෙන යනවානේ?

:       2       5

M. G. Dilip Lakshan Livera Wednesday, 22 October 2025 05:58 AM

විශිෂ්ටයි

:       0       9

ඕලිතරා Wednesday, 22 October 2025 08:35 AM

මෙහි මූලිකයා උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. "මොහොමඩ් සක්කාෆ් මොහොමඩ් රිස්නි" තමයි සම්පූර්ණ නම. මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ ඉගෙනගෙන, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්තේ. ඉන්පස්සේ එංගලන්තයෙන් විශේෂඥ උපාධිය.

:       0       13

Niranga Wednesday, 22 October 2025 11:33 AM

මීගමුව රෝහලේ සේවාවන් අන්තිමයි. ලෙඩ්ඩු ගැන බලන්නේ නෑ.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site