IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


භාරත ලක්ෂ්මන් ඝාතනය - පසුබිම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති වෘත්තී සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා  ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ 11 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද (27) කොළඹ නවලෝක රෝහලෙන් පිටවී පැලවත්තේ සිය නියස බලා පිටත්ව ගියේය.

දුමින්ද සිල්වා මහතාගේ පියා වන වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා මහතා ඉදරිපත් කළ ඇප ඉල්ලුම්පතක් අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඔහුට ඇප නියම කළේය.    දුමින්ද සිල්වාගේ පියා සහ සහෝදරයකු වන ප්‍රබෝධ සිල්වා ඇපකරුවන් ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග විමලසේන මහතා විසින් පිළිගනු ලැබූහ.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයකු වන ඉන්දික ගුණසේකර මහතා  පෙරදින (26) කොළඹ නවලෝක රෝහලට ගොස් දුමින්ද සිල්වා මහතාගේ ඇප බැඳුම්කරවලට අත්සන් ලබා ගත්තේය.

පළාත් පාලන මැතිවරණය පැවති 2011 ඔක්තෝබර 08 සවස වැනි දා සවස මුල්ලේරියාව වල්පොළ හංදියේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පාර්ශ්වය හා දුමින්ද සිල්වා පාර්ශ්වය අතර ඇතිවූ ගැටුමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි වැදී මිය ගිය අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හිසට වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කළ බව මාධ්‍ය වාර්තා කළේය.

එදින පස්වරු 7.00ට පමණ නවලෝක රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලයය පැවසුවේ දුමින්දගේ හිසට වෙඩි පහක් වැදී ඇති නිසා සැත්කමක් කළ බව සැත්කම අවසන් වන තුරු ඔහුගේ තත්ත්වය කිව නොහැකි බවයි.   ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා රාත්‍රියේ එහි ගිය අතර රෝහල අවට ආරක්ෂාව තර කැරිණි.

පසු දින උදෑසට 10ට පමණ රෝහල් ආරංචි පැවසුවේ   හිසේ සැත්කම් දෙකකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා වෙන්ටිලේටර් සහාය නොමැතිව   හුස්ම ගන්නා බවයි.

ඔක්තේබර 11 වැනිදා ශ්‍රී ජයවර්ධන රෝහලේ අධ්‍යක්ෂ දොස්තර එස් ඒ කේ ගමගේ මහතා පැවසුවේ දුමින්ද සිල්වාගේ තත්ත්වයේ වෙනසක් නැති බවයි. ඔහු සම්බන්ධකර ඇති යන්ත්‍රවල තොරතුරු අනුව වෛද්‍යවරු නිරන්තර සෝදිසියෙන් සිටින බව ද හෙතෙම එදින පැවසීය.

 භාරත ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කරයි

 දුමින්ද ශ්‍රීජයවර්ධනපුර රෝහලට

 දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති

 දුමින්ද සිල්වා සුව අතට

 භාරත ඝාතනයේ වීඩියෝව නීතිපතිට

 ‘දුමින්ද සිල්වා සැකකරුවෙක්‘

 දුමින්ද තවමත් සිංගප්පූරුවේ

 දුමින්ද ගැන අදත් ප්‍රශ්න මතුවෙයි

 භාරත ලක්ෂ්මන් මිනී මැරුමේ පහකට ඇප

 ”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා”

 දුමින්ද මාර්තු 17 උසාවියට

‘දුමින්ද සිල්වා සැකකරුවෙක්‘

දුමින්දට රතු වරෙන්තුවක් ඉල්ලයි

දුමින්දට ඉන්ටර්පෝල් වරෙන්තුවක් ඉල්ලයි

 



අදහස් (0)

භාරත ලක්ෂ්මන් ඝාතනය - පසුබිම

සමන් Saturday, 27 April 2013 02:23 PM

නඩුවක් තීරණය දෙන්නේ සාක්කි මත (දී)

:       0       0

ඇසළ Saturday, 27 April 2013 07:06 PM

මේ උත්තමයට වියදම් කරපු වැටුප්, විදේශ රෝහල් ගාස්තු , නවලෝකේ ගාස්තු ආදිය ගැන විරුද්ධ පක්ෂයේ අය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම කළ යුතුමයි. (නි)

:       0       0

අජිත් Sunday, 28 April 2013 10:30 AM

දැන් ඕවා වැඩක් නැහැ,, උන දේ උනා, සාධාරණය ගැනයි දැන් හිතන්න ඕනේ (දී)

:       0       0

සීල Saturday, 27 April 2013 08:47 PM

අනේ පවන්ත , ගොහින් පවන් සලන්න. මෙහෙමත් මිනිස්සු.(නදී)

:       0       0

ගමා Saturday, 27 April 2013 03:16 PM

කුඩ්ඩන්ට ගිය රට.(නදී)

:       0       0

පෙරේරා Saturday, 27 April 2013 12:50 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පෙනෙන විදියට නම් ඔලුවට කිසිම අමාරුවක් වෙලා නැතිවා වගේ. අනේ කාලේ වනේ වාසේ කිවුවලු !!! (නි)

:       0       0

රාජු Saturday, 27 April 2013 03:53 PM

මතට තිත තබා තව තවත් ඉදිරියට යාමට හැකි වේවා! (නි)

:       0       0

කාලිඩ් Saturday, 27 April 2013 01:21 PM

සුජිත් සහෝදරයා, ඔබ හරි (නි)

:       0       0

කමල් Saturday, 27 April 2013 04:18 PM

බුද්ධ කාලින භාරතයේ දෙව්දත්ටත් පිරිස හිටියලු. ඉතින් මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.(ස)

:       0       0

සරත් Saturday, 27 April 2013 11:21 AM

අනේ ඉතින් අපියි කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

දිසානායක Saturday, 27 April 2013 04:39 PM

ජීවන්ත, ඔබේ වගේ පුද්ගලින් සිටින තුරු මේ රට වලපල්ලට යන එක නවත්වන්න බැහැ. (නි)

:       0       0

සුජිත් Saturday, 27 April 2013 11:35 AM

සිදු විය යුතුදේ පසකලා සිදුනොවිය යුත්දේම සිදුවෙන මෙවැනි රටකින් තාවකාලිකව හෝ වෙන්වී සිටීමට සිදුවීම ගැන මා මහත් සේ සතුටට පත්වෙමි. (නි)

:       0       0

ලලිත් Saturday, 27 April 2013 05:14 PM

කලියුග කාලේ මේ වගේ රටක ඉපදීම තරම් තවත් පවක් ලොවේම නැත. අපායට ගියා නම් මීට වඩා හොදයි කියල රටේ මිනිසුන්ට සිතෙන දිනය වැඩි ඈතක නොවේ. (නි)

:       0       0

ජීවන්ත Saturday, 27 April 2013 11:40 AM

ශ්‍රීමත් දුමිඳු මැතිඳුනි, අසරණයන්ට සරණ වන ඔබතුමාට නිදුක් නීරෝගී සැප ලැබේවා! ඔබතුමාගේ රුව සජීවීව දැක ගැනීමට කොලොන්නාව ජනතාව තුල ඇත්තේ ඉමහත් නොඉවසිල්ලක්. සදා ජය.... (නි)

:       0       0

යොහාන් Saturday, 27 April 2013 11:45 AM

එතකොට ඔය කතන්දරේ අපේ හිරුනිකා දුවට මොකද වුණේ? (නි)

:       0       0

දමයන්ති Saturday, 27 April 2013 11:49 AM

අපි අපේ පාඩුවේ පොඩ්ඩක් ඉවසමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site