හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති වෘත්තී සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ 11 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා අද (27) කොළඹ නවලෝක රෝහලෙන් පිටවී පැලවත්තේ සිය නියස බලා පිටත්ව ගියේය.
දුමින්ද සිල්වා මහතාගේ පියා වන වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා මහතා ඉදරිපත් කළ ඇප ඉල්ලුම්පතක් අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඔහුට ඇප නියම කළේය. දුමින්ද සිල්වාගේ පියා සහ සහෝදරයකු වන ප්‍රබෝධ සිල්වා ඇපකරුවන් ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග විමලසේන මහතා විසින් පිළිගනු ලැබූහ.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයකු වන ඉන්දික ගුණසේකර මහතා පෙරදින (26) කොළඹ නවලෝක රෝහලට ගොස් දුමින්ද සිල්වා මහතාගේ ඇප බැඳුම්කරවලට අත්සන් ලබා ගත්තේය.
පළාත් පාලන මැතිවරණය පැවති 2011 ඔක්තෝබර 08 සවස වැනි දා සවස මුල්ලේරියාව වල්පොළ හංදියේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පාර්ශ්වය හා දුමින්ද සිල්වා පාර්ශ්වය අතර ඇතිවූ ගැටුමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි වැදී මිය ගිය අතර පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා හිසට වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කළ බව මාධ්‍ය වාර්තා කළේය.
එදින පස්වරු 7.00ට පමණ නවලෝක රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලයය පැවසුවේ දුමින්දගේ හිසට වෙඩි පහක් වැදී ඇති නිසා සැත්කමක් කළ බව සැත්කම අවසන් වන තුරු ඔහුගේ තත්ත්වය කිව නොහැකි බවයි. ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා රාත්‍රියේ එහි ගිය අතර රෝහල අවට ආරක්ෂාව තර කැරිණි.
පසු දින උදෑසට 10ට පමණ රෝහල් ආරංචි පැවසුවේ හිසේ සැත්කම් දෙකකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා වෙන්ටිලේටර් සහාය නොමැතිව හුස්ම ගන්නා බවයි.
ඔක්තේබර 11 වැනිදා ශ්‍රී ජයවර්ධන රෝහලේ අධ්‍යක්ෂ දොස්තර එස් ඒ කේ ගමගේ මහතා පැවසුවේ දුමින්ද සිල්වාගේ තත්ත්වයේ වෙනසක් නැති බවයි. ඔහු සම්බන්ධකර ඇති යන්ත්‍රවල තොරතුරු අනුව වෛද්‍යවරු නිරන්තර සෝදිසියෙන් සිටින බව ද හෙතෙම එදින පැවසීය.
භාරත ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කරයි
දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති
දුමින්ද ගැන අදත් ප්‍රශ්න මතුවෙයි
භාරත ලක්ෂ්මන් මිනී මැරුමේ පහකට ඇප
”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා”
දුමින්දට රතු වරෙන්තුවක් ඉල්ලයි
දුමින්දට ඉන්ටර්පෝල් වරෙන්තුවක් ඉල්ලයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුවක් තීරණය දෙන්නේ සාක්කි මත (දී)
මේ උත්තමයට වියදම් කරපු වැටුප්, විදේශ රෝහල් ගාස්තු , නවලෝකේ ගාස්තු ආදිය ගැන විරුද්ධ පක්ෂයේ අය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම කළ යුතුමයි. (නි)
දැන් ඕවා වැඩක් නැහැ,, උන දේ උනා, සාධාරණය ගැනයි දැන් හිතන්න ඕනේ (දී)
අනේ පවන්ත , ගොහින් පවන් සලන්න. මෙහෙමත් මිනිස්සු.(නදී)
කුඩ්ඩන්ට ගිය රට.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පෙනෙන විදියට නම් ඔලුවට කිසිම අමාරුවක් වෙලා නැතිවා වගේ. අනේ කාලේ වනේ වාසේ කිවුවලු !!! (නි)
මතට තිත තබා තව තවත් ඉදිරියට යාමට හැකි වේවා! (නි)
සුජිත් සහෝදරයා, ඔබ හරි (නි)
බුද්ධ කාලින භාරතයේ දෙව්දත්ටත් පිරිස හිටියලු. ඉතින් මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.(ස)
අනේ ඉතින් අපියි කියලා මොනවා කරන්නද? (නි)
ජීවන්ත, ඔබේ වගේ පුද්ගලින් සිටින තුරු මේ රට වලපල්ලට යන එක නවත්වන්න බැහැ. (නි)
සිදු විය යුතුදේ පසකලා සිදුනොවිය යුත්දේම සිදුවෙන මෙවැනි රටකින් තාවකාලිකව හෝ වෙන්වී සිටීමට සිදුවීම ගැන මා මහත් සේ සතුටට පත්වෙමි. (නි)
කලියුග කාලේ මේ වගේ රටක ඉපදීම තරම් තවත් පවක් ලොවේම නැත. අපායට ගියා නම් මීට වඩා හොදයි කියල රටේ මිනිසුන්ට සිතෙන දිනය වැඩි ඈතක නොවේ. (නි)
ශ්‍රීමත් දුමිඳු මැතිඳුනි, අසරණයන්ට සරණ වන ඔබතුමාට නිදුක් නීරෝගී සැප ලැබේවා! ඔබතුමාගේ රුව සජීවීව දැක ගැනීමට කොලොන්නාව ජනතාව තුල ඇත්තේ ඉමහත් නොඉවසිල්ලක්. සදා ජය.... (නි)
එතකොට ඔය කතන්දරේ අපේ හිරුනිකා දුවට මොකද වුණේ? (නි)
අපි අපේ පාඩුවේ පොඩ්ඩක් ඉවසමුකෝ (නි)