(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා අවශ්‍ය ඖෂධ හා වෙනත් වෛද්‍ය සැපයීම් 291ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් ඇති දේශීය නිෂ්පාදකයින් සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ පසු ගිවිසුම් ගතව ඇති දේශීය නිෂ්පාදකයින් වෙතින් වෛද්‍ය සැපයීම් අංශය වෙත ඍජුව මිල දී ගැනීම පිණිස 2024-12-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ.
එහෙත් ඇතැම් ඖෂධ තොග තත්ත්වයෙන් අසමත් වීම හෝ කල් ඉකුත් වීම, ස්වාරක්ෂක තොග පවත්වා ගෙන යාමට අවශ්‍ය වීම, ඇතැම් ඖෂධවල භාවිතය වැඩි වීම ආදී හේතු නිසා, පුරෝකථන මත ලබා දී ඇති ඇතැම් ඇණවුම් ප්‍රමාණවත් වී නොමැති අතර, එම ඖෂධ සහ වෙනත් වෛද්‍ය සැපයීම් අතරින් අයිතම 123 ක අතිරේක තොග ලබා ගැනීමට අවශ්‍යව තිබේ.
ඒ අනුව, පහත සඳහන් පරිදි දේශීයව නිෂ්පාදිත ඖෂධ මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදනයන් පිරිනැමීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* ඖෂධ වර්ග 24ක් සැපයීමේ ප්‍රසම්පාදනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත රුපියල් බිලියන 1.148ක මුදලකට ප්‍රදානය කිරීම.
* ඖෂධ වර්ග 68 ක් සැපයීමේ ප්‍රසම්පාදනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කර ඇති දේශීය නිෂ්පාදකයින් වෙත රුපියල් බිලියන 4.159 ක මුදලකට ප්‍රදානය කිරීම.
* ඖෂධ වර්ග 62 ක් සැපයීමේ ප්‍රසම්පාදනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ පසු මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කර ඇති දේශීය නිෂ්පාදකයින් වෙත රුපියල් බිලියන 5.116 ක මුදලකට ප්‍රදානය කිරීම.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බේත් වර්ග 123ක් ගන්න ප්‍රසම්පාදනය දෙයි