IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බෙලිඅත්ත ප්‍රා.සභාපතිට ඇප

(රෝෂන් තුෂාර)

අයථා වත්කම් ඉපවූයේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය .

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය. 

මාස දොළහක් ඇතුළතදී රුපියල් ලක්ෂ හාරසීයකට අධික මුදලක් වියදම් කළ ( රුපියල් 43260010.26)  සැකකරු රුපියල් ලක්ෂ තුන්සිය හැටකට අධික මුදලක් (රුපියල් 36001344.96) අයථා වත්කම් ලෙස  උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙම පැමිණිල්ල ගොනුකොට තිබිණි.

වසර 32 ක් බෙලඅත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස සහ 2012 සිට 2023 දක්වා එම සභාවෙ සභාපතිවරයා ලෙස කටයුතු කළ සැකකරු  හම්බන්තොට ප්‍රාදේශීය සභාවට අයත් කැටැන්වැව ප්‍රදේශයේ අක්කර 50 ක ඉඩමක අඹ වගා කරන බවත්,එම  වගා ඉඩම කූට ලේඛන සකසා ලබාගත් රජයේ ඉඩමක් ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා මෙම විමර්ශන සිදු කෙරේ.



අදහස් (0)

බෙලිඅත්ත ප්‍රා.සභාපතිට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site