(ෂේන් සෙනෙවිරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයකු වන වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
රජයේ නිලධාරියකු වශයෙන් සහ වෛද්‍ය ආචාරධර්මවලට අනුකූලව එසේ කළ නොහැකි බවත් විශේෂයෙන් රෝගියකුගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් වෙනත් පාර්ශවලට කරුණු හෙළි කළ නොහැකි බවත් අමාත්‍යවරයා කීය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ (27) එසේ පැවසීය.
එම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට එවැනි නිවේදන නිකුත් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර ලබමින් සිටියේ ඔහුගේ අංශයක නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.
ජාතික රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන සෑම රෝගියෙකුම රෝගියකු පමණක් බවත් එම රෝගියා සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ඔහුට අදාළ නොවන කටයුත්තක් කර ඇති බවත් ඔහු පැවසීය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්
ravin Wednesday, 27 August 2025 06:40 PM
දන්නා තරමින් නම් රෝගියකු පිළිබදව විස්තර ලබාදිය හැක්කේ රෝගියාගේ ළගම ඥාතායෙකුට හෝ බාරකරුවකුට පමණි. මතකයේ හැටියට මෙම වෛද්‍යවරයා එක්තරා දේශපාලන පක්ෂයක සංවිධායකවරයෙකි. රාජ්‍ය සේවකයකුට තම තනතුරු දරමින් සිටියදී දේශපාලනය කළ හැකිද?
රිස්වාන් Wednesday, 27 August 2025 06:54 PM
රනිල්ගෙන් පළිගන්න ගිහිල්ලා පස්ස බිම ඇණුන එකට ආණ්ඩුවටයි ඩෝබිලාටයි මෙච්චරම රිදිලාද? පවුනේ?...
Dasa P Wednesday, 27 August 2025 07:49 PM
බෙල්ල නැහැ...
කෝරලගේ Wednesday, 27 August 2025 08:19 PM
දේශපාලනඥයින්ගේ රූකඩ වන මේ වගේ මෝඩ වෛද්‍යවරු අපිට ඉන්නවා. කියන්න ලැජ්ජයි.