
(ගයාන් සූරිය ආරච්චි)
ගතවූ දින 13ක ඇතුළත කාලය තුළ බීමත් රියදුරන් 7000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධිර මහතා පවසයි.
විෂවිෂ මද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සම්බන්ධයෙන් සැකකරුවන් 200ට රියැදුරන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද සේනාධිර මහතා කීය.
එම කාලය අතරතුර මාරක රිය අනතුරු 77කින් 82 දෙනෙකු මියගොස් ඇතිි අතර 49 දෙනෙකු තුවාල ලබා ඇති බවද ඔහු පැවසීය.
එම රිය අනතුරුවලින් පදිකයන් 19 දෙනෙකු, යතුරුපැදිකරුවන් 38 දෙනකු, පාපැදිකරුවන් තිදෙනකු, රියදුරන් 11ක් සහ මගීන් 11 දෙනෙකු මිය ගොස් ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මාරක රිය අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් බීමත්ව දිය පැදවීම හේතුවෙන් සිදුව ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ රටක් නිසා මත්පැන් තහනම් කරන්න බෑ...
රියදුරු බලපත්‍ර තහනම් කරන්න ඕනේ. ජීවිතාන්තය දක්වා සිරගත කරන්න ඕනේ ඔහොම බීලා යනවා නම්. දැඩි දඩුවම් පැමිණවිය යුතුයි.
මේ වෙලාවේදී පොලිසිය කඩිනම් පියවර ගත යුතුයි.
අපේ රටේ අනතුරු වලින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ බීමත්ව රිය පැදවීම නිසා සිදුවූ අනතුරුයි