IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බිල්ගේට්ස් පදනම අගමැතිනිය හමුවෙයි

(යොහාන් භාසුර)

ඇමරිකානු ගේට්ස් පදනමේ (Bill & Melinda Gates foundation) ගෝලීය සංවර්ධන සභාපති ඇතුළු සාමාජිකයන් පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී අද (11) පැවැතිවිණි.

මෙම හමුවේදී ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන සභාපති ආචාර්ය  ක්‍රිස් එලියස් මහතා සිය පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය  බවත්, මෙම විශේෂ හමුව සඳහා  පාර්ලිමේන්තුව වෙත ආරාධනා  කිරීම පිළිබඳව තමන් සතුටට පත් වන බවත් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ සහයෝගීව කටයුතු කිරීමට ගේට්ස් පදනම ඉතා කැමැත්තෙන් පසුවන බව පැවසූ ආචාර්ය ක්‍රිස් එලියස්, මෙරට දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ අවශ්‍යතා ඉහළ නැංවීම, කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නව ඩිජිටල් මෙවලම් භාවිතය ආදිය සම්බන්ධයෙන් ගේට්ස් පදනමේ සහයෝගය දීමේ  හැකියාව පිළිබඳව ද සඳහන් කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරිය  ගේට්ස් පදනම විසින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීම වෙනුවෙනුත්, මාතෘ හා ළමා පෝෂණය ප්‍රවර්ධනය කරමින් මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව ඉන් මුදවාගැනීම වෙනුවෙනුත් සුවිශේෂී අවධානයක් යොමු කරමින් සිදුකරන මෙහෙය  විශේෂ ඇගයීමට ලක් කළ අතර, ආසියාතික රටවල ඩිජිටල් තාක්ෂණික සංවර්ධනය උදෙසා ද පදනම මඟින් ලබා දෙන සහයෝගය පිළිබඳව ද සාකච්ඡා කළහ.



අදහස් (0)

බිල්ගේට්ස් පදනම අගමැතිනිය හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site