(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ ලේකම්වරුන් රට යනවා වැඩි යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවසීය.
සමහර ලේකම්වරුන් සිය වතාවක් විදේශ රටවල ගොස් ඇතත් එක ඵලදායි යෝජනාවක් හෝ රට වෙනුවෙන් ඉදිරිපත් කර නැතැයිද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ දක්ෂ නිලධාරීන් සිටින බවත් ඉන් වැඩි පිරිසක් එකම විදේශ රටක් හෝ නොදැකපු අය බවත් රත්නායක මහතා කීවේය.
වරප්‍රසාද මත්තෙම නැහෙන සුළු නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටින බව කී සභානායකවරයා මේ පාර්ලිමේන්තුවත් ජනවාරමට යටත් බව මතක තබා ගත යුතු යැයිද සඳහන් කළේය.
ප්‍රථම වතාවට සභානායක කාර්යාලයේ නිලධාරිනියක විදේශ සමුළුවකට පිටත් කර යැවූ බවද හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තුවේ වැටුප් සහ අනෙකුත් කටයුතු ප්‍රතිව්‍යුහගතකරණයට අදාල අභියාචනා ඇතුළත් වාර්තාව බාර දෙන ලෙසට පසුගිය සැප්තැම්බර් මස තිස් වෙනිදා කථානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරියට දැනුම් දුන්නද අද වෙනතුරු එම වාර්තාව ඉදිරිපත් නොකළ බවත් ඇය එසේ කටයුතු කළේ ඇයි දැයි තමා නොදන්නා බවත් බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිමල් මැතිසබේ ලොක්කන්ට දෙහි කපයි