ගෝනපොළ ඔලබොඩුවේ සිට ආ ත්‍රිරෝද රථයක් බණ්ඩාරගම හඳුන්වැන්න සොහොන් බිම අසලදී නවත්වා පෙට්ටියකින් එළියට බළලුන් දැමූ ත්‍රිරෝද රියැදුරකු අල්ලා ගත් ගැමියෝ සීසීකඩ විසිරී ගිය බළල් පැටවුන් සොයාගෙන එන්නැයි දැන්වූහ. ඒ වන විට ඔහගේ රියේ හුළං ඇර ඔහුගේ බලපත් ආදී ලියවිලි ද එහි සිටි අය අතට පත් වී තිබේ. අඩුගණනනේ බළලුන් හතර දෙනෙක්වත් සිටිනනට ඇතැයි කියති. බළලුන් ටික ඔහුටම බාර දීම සඳහා ඔහු බළලුන් සෙවීමට පිටත් කැ යැවූ බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කින් බෙනට් , කියන්න බලන්න. 1) බළල්ලු ගෙනත් දාපු එකා ඔහේ වුණා නම් ඔහේ මොකද කරන්නේ ? 2) හුලන් ඇරපු එකා ඔයා වුණා නම් මොකද කරන්නේ ? අනේ මේ, නිකන් රජ කතා නොදා ඉන්නවද? (නි)
අලින්ට විතරක් අනතාගාර හදලා හරියන්නේ නැහැ.කෝටී ගණන් මුදල් මාටියා ගහන කාලේ බල්ලන්ට,බළලුන්ටත් අනාථාගාර බිහි කළ යුතුයි. අඩු තරමින් සෑම මැතිවරණ කොට්ඨාශයකම. එතකොට ඔය සතුන් පන්සල් වලට,කනත්ත වලට නොදමා නියමිත තැන්වලට බාරදෙයි. දුප්පත් 3 රෝද රියැදුරා ළමයින්ට කිරි ටික දීගන්න බැරුව,බළලුන්ට කිරි පොවන්නේ කොහොමද? (නි)
ශෝක් විහිළු වැඩේ තමයි වෙලා තියෙන්නේ, ආයේ ඕවා නොකරන්න (නි)
අපුරු දඩුවමක් තමයි දීලා තියෙන්නේ. පැටවූ හදාගන්න බැරි නම් මොකටද මහ එවුන් හැදුවේ? (නි)
හොඳ වැඩක් කරල තියෙන්නේ. අහිංසක සත්තු ගෙනත් අත්හැරලා යනවට හොඳ දඬුවම.. (ස)
අහින්සක සත්තූන්ට කරපූ වැඩේටනම් අපුරු දඩුවම. බණ්ඩාරගම හඳුන්වැන්න ගමේ ගැමියන්ට අනේක වාරයක් තූති.(ස)
කින් බෙනට්, ඔබ හරි (නි)
ඕවා සුළු දේවල්නේ. ඉතින් මොකද මේ කලබල? (නි)
අර බණ්ඩාරගම හරියෙදි මරපු අර මොරටුවේ හාමුදුරුවන්ගේ ඝාතකයන්ව අල්ලලා ඔය විදියටම පොලිසියට පිටත් කරන්න කාටවත්ම කොන්දක් තිබිලා නැහැ වගේ (නි)
ගමේ හෙළයා කියන තරම් මෝඩ නැහැ. ඉඳලා හිටලා හොඳ වැඩත් කරනවනේ! (නි)
කොළඹ කොටුවේ බළල් මසුත් ගිනිගණන් ගියා.. (නි)
කාලයකට ඉස්සර අපේ පැත්තෙ ප්‍රසිද්ධ ඉංග්‍රිසි ගුරුවරයෙක්ව අමුඩය ගස්සවල ගෙදරට යනකම් එව්ව ඔය වරදටම. (ස)
දෙගොල්ලන්ගෙන්ම ඉතාම නරක පුර්වාදර්ශයක් රටේ ජනතාවට දීලා තියෙන්නේ. රියදුරා ඉතාම වැරදියි. ඒ වගේම හුලන් ඇරපු අයත් , ලියවිලි උදුරාගත් අයත් කරලා තියෙන්නේ ලොකු වැරැද්දක්. මේවා නොදන්නා බහුතර ජනතාව හුරේ දාන එක ඉතාම විහිළු සහගතයි. (නි)
මේක මෙච්චර උඩ පනින්න ඕන දෙයක්ද? බළලුන් මුදා හැරීම සහ සදාචාරය අතර සම්බන්දය මොකක්ද? කොහොමත් සත්තු ඉන්න ඕනේ නිදහසෙනේ. (නදී)
සාජා, නිකන් මොන්ටිසෝරි ළමයින්ගේ ප්‍රශ්න අහන්න එපා සාජා. තමුන් ඔය අහන ප්‍රශ්න දෙකටම මට දෙන්න තියෙන්නේ සරල උත්තරයයි. මම ඔය වැඩ දෙකම කරන කෙනෙක් නෙමෙයි. ඒ හින්දා අදාළ නැත කියන්න තමයි වෙන්නේ. ඔහෙලා වගේ මෝඩ මිනිස්සු මේ වගේ වැඩ වලට හුරේ දාන හින්දා තමයි අද වෙද්දී මිනිමරලත් මිනිස්සු නිදහසේ ඉන්නේ.(නදී)
මේක දෙය්යෝ සාක්කි තීරුවේ පල කරන්ට තිබුනේ .( නු)