
(අමදෝරු අමරජීව හා සුගත් බද්දේගෙදර)
අක්කරේපත්තු සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් සුඛෝභෝගී මගී බස් රථයක් සෝමාවතී පාර ටී හන්දියේදී අද (25) උදෑසන පෙරළී යාමෙන් මගින් දොළොස් දෙනකු තුවාල ලැබූ බව සේරුනුවර පොලිසිය කියයි .
අක්කරේපත්තු සිට අලුයම පිටත් වූ මෙම බස්රථයේ මගීන් 27 දෙනකු ගමන් කර ඇති අතර සෝමාවතී පාර ටී හන්දියේදී අනතුරක් වළක්වා ගැනීම සඳහා තිරිංග තද කරද්දි බසය ලිස්සා ගොස් පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.
තුවාල ලැබූ මගීන් සේරුනුවර ප්‍රාදේශීය රෝහලට සහ මූතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බසයේ රියදුරු පොලිස් භාරයට ගෙන තිබේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 18
513
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසයක් පෙරලී 12ක් රෝහලට