IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


බසයක් නවතා තිබුණු ලොරියක හැපී 9ක් රෝහලේ

(සිරිසේන ගමගේ) 

 මොණරාගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් අද (11) අලුයම වැල්ලම්පිටියේදි මාර්ගය අයිනේ නවතා තිබු ලොරියක පසුපස ගැටිමෙන් බසයේ ගමන් ගත් මගින් 9 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.

වැල්ලම්පිටිය  ඉන්ධන පිරවුම් හලත් මිතොටමුල්ල හංදියත් අතර මාර්ගය අයිනේ පිහිටා ඇති හාඩ් වෙයාර් ආයතනයකට අයත් ලොරි රථ තුනක් රාත්‍රි කාලයේ එම වෙළඳ ආයතනය ඉදිරිපිට මාර්ගය අයිනේ නතර කර තිබි ඇත.

පාන්දර අධික වේගයෙන් පැමිණ ඇති මගි බස්   රථය මාර්ගය අයිනේ නතර කර තිබු ලොරි රථය පිටුපස හැපි ඇති අතර එම ලොරිය ගැටිමෙන් නවතා තිබු අනෙකුත් වාහන තුනද එකිනෙක ගැටිමෙන් වාහන හතරටම දැඩි අලාභ හානි සිදුව ඇත.



අදහස් (3)

බසයක් නවතා තිබුණු ලොරියක හැපී 9ක් රෝහලේ

සෙනෙවිරත්න Wednesday, 11 June 2025 10:56 AM

මාසෙකට වතාවක් මේ හා සමාන අනතුරු වෙනවා, ගිය සතියේ විතර තංගල්ලට එහාදි මඩකලපුවේ ඉඳලා එන රෑ බස් එක මෙහෙම නතර කරපු ⁣ටිපර් එකක වැදිලා කෙනෙක් මළා, අවාසනාවට මේක දිගින් දිගට වෙනවා... බොහෝමයක් කළුවරේ නතරකරලා තියෙන්නේ... ප්‍රධාන මාර්ගය හරහට, මේවාට තමයි ජංගම මුර සේවා තියෙන්නේ... සමහර පොලස් අය හිතවත් කමට පාර බදුදෙනවා, හැබැයි මෙතැනදී වාහන අයිතිකරුවනුත් පාඩමක් ඉගෙන ගන්න ඇති. නමුත් වරදට දඬුවම් දිය යුතුයි...

:       0       2

Kamal Koyrala Wednesday, 11 June 2025 12:27 PM

වැසි තත්වයක ධාවනය කරන්නේ කෙසේද වත් පළපුරුද්දක් නොමැති අය ,වේගය මැනිය හැකි නවතා තිබූ වාහන වල තත්වය දැක්කම .එසේම එම වාහනත් පරීක්ෂා කල යුතුයි එහි ඇති තිරිංග සම්බන්ධව

:       0       0

ගුණරත්න Wednesday, 11 June 2025 05:14 PM

මාත් කිහිප සැරයක් පාර අයිනේ නවත්තලා තිබෙන ලොරිවල ගැටෙන්න ගොස් අමාරුවෙන් ගැලවුණු කෙනෙක්. ඔය පාර බ්ලොක් වෙන විදියට වාහන ගාල් කරන කාලකන්නින්ට දඬුවම් දෙන්න ඕනෑ. ඒත් මේ වගේ පාණ්ඩුවක් ඉන්නකොට එහෙම දේවල් කරන්න ඔවුන්ට කල්පනා වෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1115 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 568 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site