
( වයි.ඒ.එස්. වීරවංශ. )
දින දෙකක් තිස්සේ බලංගොඩ සුරතලී ඇල්ල අවට කරගල් ආර රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ.
ගින්න නිවා දැමීමට අද (08 ) දහවල් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 ගුවන් යානයක් යොදා ගෙන තිබිණි.
ගුවන් යානය බලංගොඩ නාගරික ක්‍රීඩාංගණයට ගොඩ බැස්ස වීමෙන් අනතුරුව අවශ්‍ය ජල රදවනය සවි කර සමනල වැව ජලාශයෙන් ජලය ලබා ගෙන අදාළ ගින්නක් පැවැති ප්‍රදේශයට ජලය මුදා හැරීමට ගුවන් හමුදාව කටයුතු කලේය.
සමනල වැව පොලීසිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ නිළධාරින් මෙම ගින්න නිවා දැමීමට සහයෝගය ලබා දුන්හ. එහෙත් හරි හැටි ගින්න නිවා දැමීමට නොහැකි වි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd