IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බ‍්‍රසීල ජාතික පාපන්දු පුහුණුකරු 11 දා එයි

ශී‍්‍ර ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම සදහා ක්ලෝඩියෝ රොබෙර්ටෝ සිල්වේරා මහතා මෙම මස 11 වැනිදා දිවයිනට ළගා වන බව ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය පවසයි. සිල්වේරා මහතා ශී‍්‍ර ලංකාවේ වසර තුනක සේවය ස`දහා පත්කරනු ලැබ ඇත. ඔහුගේ සහය පුහුණුකරු (අභ්‍යාසක) ලෙස කටයුතු කරන ආබ්බොක් රෝගූර් ජූනියර් මහතාද ඔහු සමග දිවයිනට පැමිණෙයි.

බ‍්‍රසීලයේ කී‍්‍රඩා සමාජ පුහුණුකරුවන් ලෙස කටයුතු කර තිබෙන මෙම පුහුණුකරුවන්ට සුපිරි දීමනාවක් සමග අනෙකුත් පහසුකම් ලබා දීමට කටයුතු කරන බව ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේනයේ සභාපති රංජිත් රුද්‍රිගෝ මහතා ලංකාදීප යට පැවසීය.

36 හැවිරිදි රොබෙටෝ සිල්වේරා මහතාට ඇමරිකානු ඩොලර් 5500 ක (රුපියල් 675000කට ආසන්න මුදලක්) මාසික දීමනාවක් ගෙවන අතර සහයක පුහුණුකරු ස`දහා ඇමරිකානු ඩොලර් 2000 ක දීමනාවක් ගෙවීමට නියමිතය.

මීට අමතරව ඔවුන්ට දිරි දීමනා ගෙවීමට පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම අන්තර් ජාතික තරගයක් ජය ගන්නා අවස්ථාවක බ‍්‍රසීල ජාතික ප‍්‍රධාන පුහුණුකරුට ඇමරිකානු ඩොලර් 500 ක විශේෂ දීමනාවක් ගෙවීමට යෝජනා වී තිබේ.

ශී‍්‍ර ලංකාව අනතර් ජාතික තරගාවලියක් ජය ගැනීමට සමත් වුවහොත් එවැනි අවස්ථාවකදී ඔවුන් මසක දීමනාවට සමාන පාරිතෝෂික (බෝනස්) දීමනාවක් ගෙවීමටද කටයුතු සූදානම් කර තිබේ.  බ‍්‍රසීල ජාතික පුහුණුකරුවන්ට දීමනා ගෙවීමේදී ඒ ස`දහා කී‍්‍රඩා අමාත්‍යංශයද සහයෝගය දක්වයි.

වසර ගණනාවකට ඉහතදීද ශී‍්‍ර ලංකාව බ‍්‍රසීල ජාතික පාපන්දු පුහුණුකරුවන්ගේ සේවය ලබා ගෙන තිබේ. වසර 1995 දී ශී‍්‍ර ලංකාව සාක් රන් කුසලාන පාපන්දු තරගවලිය දිනා ගත්තේ එවකට ශී‍්‍ර ලංකාවේ සේවය කළ බ‍්‍රසීල ජාතික ජෝර්ජ් පෙරේරා මහතා යටතේය. එකල අභ්‍යාසක ලෙස කටයුතු කළේ බ‍්‍රසීල ජාතික මාකෝස් පෙරේරා මහතාය.

බ‍්‍රසීල පුහුණුකරුවන් සේවය භාර ගැනීමෙන් පසු ශී‍්‍ර ලංකා කණ්ඩායමට දේශීය පුහුණුකරුවන් එක් අයකුගේ සේවය පමණක්ලබා ගන්නා බව පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා පවසයි. ඒ සඳහා දැල් රකින්නන්ගේ පුහුණුකරු ලෙස ඞී. චන්ද්‍රසිරි මහතාගේ සේවය ලබා ගැනීමට තීරණය වී තිබේ.

ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායම පසුගිය වසර ගණනාවක් පුරා දිගින් දිගටම ලද පසුබෑම හමුවේ විදේශීය පුහුණුකරුවන්ගේ සේවය කෙරෙහි අවධානය යොමු කරන ලෙස කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දී තිබුණි.

මීට පෙර වසර ගණනාවක් කොරියානු ජාතික පුහුණුකරු ජුංග් ජුන්ග් මහතාගේ සේවයද ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායමට ලබා ගත්තේය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නවදිල්ලි නුවරදී පැවති සාක් පාපන්දු තරගාවලියේ පරාජයෙන් පසු කොරියානු පුහුණුකරුවා ශී‍්‍ර ලංකා සේවයෙන් ඉවත්ව ගියේය.

ශී‍්‍ර ලංකා ජාතික පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ සම්පත් පෙරේරා, සහය පුහුණුකරු ඩඞ්ලි ස්ටේන්වෝල් හා දැල්රකින්නන්ගේ පුහුණුකරු ලිලිත් වීරසිංහ යන මහත්වරුන්ගේ සේවය අවසන් කිරීමට පාපනදු සම්මේලනය ඉකුත්දා කටයුතු කළේය.

 



අදහස් (0)

බ‍්‍රසීල ජාතික පාපන්දු පුහුණුකරු 11 දා එයි

චන්ද්‍රසිරි Friday, 03 May 2013 03:38 PM

දුබ්බ්බි සෞදි පුහුණු කරුවන්ට රියාල් ලක්ෂ 2ක් ගෙවනවා. අපේ තරමට ඔය මදැයි.(නදී)

:       0       0

දම් Friday, 03 May 2013 04:12 PM

ක්‍රිකට් වලට විදෙස් පුහුණුකරුවන් වගේ ෆුට්බෝල් වලටත් අවැසි වන්නේ අපිට හොඳ ඉදිරියක් වගේම නව දර්ශනයක් අවැසි නිසයි. සුබ අනාගතයක්....! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 3 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site