
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු දෙනා ලබන 21 වැනිදා නුගේගොඩට එන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
එලෙස නුගේගොඩට රොක්වී ආණ්ඩුවට විරෝධය පළ කරමු යැයි රාජපක්ෂ මහතා කීය.
ආණ්ඩුව ජනතාවට මැතිවරණයේදී වූ කිසිම පොරොන්දුවක් ඉටුකළේ නැතැයි කී රාජපක්ෂ මහතා ආණ්ඩුවට එරෙහි සියලු පක්ෂවල මතය යට ගසා තම මතය ජනගත කරන්නට ආණ්ඩුව සිතා සිටින බවද සඳහන් කළේය.
"අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරලා නැහැ,අල ගොවියට ,වට්ටක්කා ගොවියට බී ලූනු ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එලිපිටම දෝෂාරෝපණය කරගෙන යනවා ,දැන් ඒ ජනතාව පාරටත් බැහැලා.ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා.අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට පොරොන්දු ඉටුකරන්න කාලයක් කොහේද? දූෂිත කයිතනුයි ඇමැති පඹයෝ ටිකයි මෙලෝ සිහියක් නැතුව කොමිස්, කප්පම් වලින් හම්බ කරනවනේ...
ඔහේල අවුරුදු 76 ක් දීපු බොරු පොරොන්දුද? එක බොරු පොරොන්දුවක් කියන්නන්, ගෝඨාභය 2019 ජනපති ලෙස ඡන්දේ ඉල්ලන කොට තමුන්ගේ අප්ප, රැස්වීම්වල කිව්වා, විවාහ වෙන්න ඉන්න ජෝඩුවලට ගෝඨාභය ජනපති වෙනකන් ඉන්න. විවාහවන අයට නොමිලේ ගෙවල් දෙනවා කියලා. ඔන්න ඔහේලා දෙසපු ගල් කෙබරයක්...
පව් ඔයා නාමල් බබා.
කුඩු නැත්තං නුගේගොඩ එන්න.
මොවුන්ගේ බොරු පොරොන්දු සහ රට බංකොලොත් කරපු ඒවට අහුවුණු මිනිස්සු 21 ඇවිල්ලා පාඩමක් උගන්වන්න මොවුන්ට...
ඇයි ඔයාට රැවටෙන්නද නුගේගොඩට එන්න ඕනෑ... ඔයාලා මිනිස්සු රැවටුවා මදිද?
සොරි කියලා තමයි ඔයාට කියන්න තියෙන්නේ බ්‍රෝ...
තාත්ත රජ කරපු කාලේ නන් විශාල පිරිසක් හිටියා... ආරාධනාව ඒගොල්ල්ලන්ටත් එක්කද ?
මට හිතෙන්නේ ලංකාවේ ඉන්න හැමෝම ඒවි ඔතැනට. අවුරුදු 70 ක් තිස්සේ රවට්ටපු රැවටිල්ලට. රවට්ටපු එවුන් එක මිටට එනවානේ. යන්න වටිනා තැනක්. නිකම්ම නිකන්ම ගිහිනුත් මදි. කලින් සැරේ වගේ මේ පාරත් හොඳට සලකලා යවන්න ඕනේ....
ප්‍රශ්නයක් තියෙනවාන්ම්ජනතාවට. කතා කර විසදා ගැනීමට දුරකතන අන්ක බොහොමයක් තියෙනවා මේ රජයෙන් දීපු මොකටද හන්දි ගානේ මෝඩ මීහරක්ගේ උවමනාවට ආන්ඩුවට විරුද්ධ වෙන්නේ. පින් හාමිගේ එළදෙන්නු ටිකයි. නාමල් බේබිගේ නූගත් රෑනයි මදිද? ඩේසි ආච්චිට කිව්වේ නැත්ද? එයාගේ බොරුවත් අහුවුනා නේද? එකපාරටම. ඩිමෙන්ශියා ඇවිත්. මතක නෑලූ හොරාකාපු හැටි. නාකි මයිනාත් පෙලපාලියට එන්න බැහැලු. වෙඩි කන්න වෙයි කියලා. ගොබ්බ රැල පාතාලය සමග කුඩු බිස්නස් කරලා. දැන් පෙලපාලි යන්න බයට ජනතාවට එන්න කියනවා. යන අය යන්න කුණු බිත්තර සමග අසුචි බෑග් අරගන. ගොබ්බයින්ට ගහන්න. ජනතාවට දුන්නේ කදුලු ගෑස්...
අපුල්ලන්නෝ නම් එන්න එපෝ..
මහින්ද චින්තනය 1,2, තාරුණ්‍යයට හෙටක්, ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය, ආසියාවේ ආස්චර්‍ය, සෞභාග්‍යයේ දැක්ම මෙකී නොකී බොරු පොරොන්දු දහසකුත් දීලා, ජනතාව රවට්ටලා ඔවුන්ගේ ඡන්දෙන් බලයට ආපු දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවා ජනතාව අන්දවන්න හිතුවාට වැඩක් වෙන එකක් නැහැ. සාටකයෝ දූෂිතයෝ ආර්තික ඝාතකයෝ කියලා අධිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි... ජනතාව එළවලාම දැම්මේ නිකම්ද? ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගෙන පොරක් වෙන්න හදනවා. හිතාගෙන ඉන්නේ අපි ඇස් කන් නැති මැරිලා ඉපදුනු අය කියලා...
හොරුන්ට කඩේ යන අය එකතුවෙන්න
නාමල් ජනාධිපති කිරීමේ ආරම්භක රැස්වීම නේද? දැන් හැබැයි ඕවට මිනිස්සු රැවටුණු කාලය ඉවරයි. බොරු ආණ්ඩු විරෝධයක්.
ඇයි ඔහේලාගේ සනුහරේම අපිව ඒ කාලේ රවට්ටපුවාට වන්දි දෙන්නද? කුණුහරප තමයි..!
බොරු පොරොන්දු නම් ගොඩයි... රට කාපු හොරු, මහ බැංකු හොරු .. අල්ලනවා කිව්වා කෝ නෑනේ... එහෙම කියලා ඔතැනට ඇවිත් වැඩකුත් නෑනේ...
2021 දී රුපියල කඩාවැටීම නිසා ආර්ථික අර්බුද වලට මුහුණ දුන් හැමෝම එදාට එන්න. එයට වගකිවයුතු අය සෙට් එකම ඉන්නවා එදාට ස්ටේජ් එක උඩ...
නාමල් ට රැවටුණු අයව එව්වාට කමක් නැතෙයි? පැරදුණු මන්ත්රීලාව අපි එවන්නම්...!
හොරකම් අල්ලනවාට විරුද්ධව නේද ඕක 21 කරන්නේ? චමල් බාප්පාගේ පුතා නම් ශූර චෞරයෙක්.. වැලිකඩ කාලයක් ඉන්න කරට දාන රෙදි පටියක් දෙනවා. රනිල් ගේ කාලේ අත්අඩංගුවට අරං වැලිකඩ ඉන්න කාලේ ඔබතුමා ඒක දකින්න ඇතැයි සිතමි...
පැලවත්තේ කසල ශෝධක බලකායට නම් සියළු පඩි, දීමනා ලැබෙන නිසා කිසි අවුලක් නැතුව ඇති. ඒත් මේ ආණ්ඩුවේ සුපිරි රැවටීම නිසා තිබුණු දේත් නැතිවෙලා අද අස්වැසුමෙන් යන්තම් දිවි ගැට ගහගන්න ලක්ෂ ගාණක් ජනතාව ආණ්ඩු විරෝධය ප්‍රකාශ කරනවා පුළුවන් හැම විදියෙන්ම....
පාරිභෝගික භාණ්ඩ වල මිල අඩු කරන්න ආණ්ඩුවට ඕනෑ කමක් නෑ, ඉතින් මිනිස්සු එනවා ඕකට...
බත්කන හරක් සනුහරේම මේ නුගේගොඩට ගාටන ගමන්. වෙනදා වගේම මොණර කොළයි, බත්පැකට් එකයි, ජෝනියාගේ කසිප්පු කාලයි දෙනවා නේද?
හා! හැබැයි එදාට බොරු පොරොන්දු දීපු හැම එකාම බේරේ වැවෙන් නාන්න බලාගෙන වරෙල්ලා....