IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බිමල් - චීන කොමියුනිට්ස් ජාත්‍යන්තර ප්‍රධානී හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

චීන නිල සංචාරයක නිරත ප්‍රවාහන මහා මාර්ග,නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ චීන කොමියුනිට්ස් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියූ හයිසින්ග් මහතා අතර හමුවක් චීනයේදී සිදුවිය. 

මෙම වසර මුලදී දෙරටෙ හි ජනාධිපතිවරුන් ගේ හමුව පිළිබදවත් එහි දී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් වත්මන් ප්‍රගතිය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී ඇත.

නව චීනය පිහිටුවීමෙන් පසු, රට ස්ථාවරව ගොඩනැගීමේ දී චීන කොමියුනිට්ස් පක්ෂය විසින් සිදුකළ කැපකිරීම් සහ කාර්යභාරය පිළිබවත් එම කටයුතු වලදී ජනතා විශ්වාසය දිනා ගනිමින් ස්ථාවර පාලනයක් පවත්වා ගැනීමත්, පක්ෂය ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සමඟින් වර්ධනය කරලීමත්, දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙත පිළිබදව සහ පක්ෂ විනය පවත්වාගෙන යෑම අවශ්‍යතාවය පිළිබදවත් මෙහිදී සාකච්ඡා සිදුවී තිබේ.



අදහස් (5)

බිමල් - චීන කොමියුනිට්ස් ජාත්‍යන්තර ප්‍රධානී හමුවෙයි

Mr. කොන්ටේනර් Friday, 24 October 2025 07:31 PM

හරිනි ගියාට පස්සේ ලැබුණු පිළිගැනීම් දැකලා මෙයත් ගිහිල්ලා ජවිපෙ බේරගන්න. පාපිස්සො ටික මාලිමාවේ බලය අල්ලලා. පව් පරන ජෙප්පෝ ටික...

:       11       58

රුවන් Friday, 24 October 2025 11:40 PM

NPP එක හදන්නේ ලංකාව චීනය වගේ කොමියුනිස්ට් රටක් කරලා දැන් වියට්නාමය වගේ කරන්න. විපක්ෂය වගේ දුර දිග බලලා රට ඇෆ්ගනිස්ථානය වගේ දියුණු කරන්න කිසිම අදහසක් නෑ.

:       1       1

de silva Saturday, 25 October 2025 01:46 AM

කොමියුනිස්ට් ක්‍රමය ලෝකේ ෆේල් වෙලා ඉවරයි, චීනේ, උතුරු කොරියාවේ තිබෙන්නේ ඒකාධිපති ක්‍රමයක් මිස කාර්ල් මාක්ස්ගේ කොමියුනිස්ට් ක්‍රම නොවේ. ඔය මගුල් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ආවොත් කෙලින්ම පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න ඕනේ, අපිට සීනි නැතිව තේ බොන, මිරිස් නැතිව හොදි කන යුගයක් නැවත එපා...

:       1       1

Lilantha Saturday, 25 October 2025 11:07 AM

හරිනිත් එක්කම යන්න තිබුනානේ. ඇයි ඔයා වෙනම ගියේ. සිංහලෙන්ද කතා කරේ? සත පහකට ගණන් අරන් නෑනේ. කමක් නෑ දැන් ඉතින් ආපහු එන්න.

:       2       1

Nadeera Saturday, 25 October 2025 11:09 AM

කීයක් ගියාද වියදමට. මහ බොරු වැඩක්නේ මේ. රටට කිසිම ප්‍රතිලාභයක් නෑ. ඒත් මෙයාලා ලෝකේ හැමතැනම යනවා...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site