
(අංජුල මහික වීරරත්න)
චීන නිල සංචාරයක නිරත ප්‍රවාහන මහා මාර්ග,නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ චීන කොමියුනිට්ස් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියූ හයිසින්ග් මහතා අතර හමුවක් චීනයේදී සිදුවිය.
මෙම වසර මුලදී දෙරටෙ හි ජනාධිපතිවරුන් ගේ හමුව පිළිබදවත් එහි දී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් වත්මන් ප්‍රගතිය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී ඇත.
නව චීනය පිහිටුවීමෙන් පසු, රට ස්ථාවරව ගොඩනැගීමේ දී චීන කොමියුනිට්ස් පක්ෂය විසින් සිදුකළ කැපකිරීම් සහ කාර්යභාරය පිළිබවත් එම කටයුතු වලදී ජනතා විශ්වාසය දිනා ගනිමින් ස්ථාවර පාලනයක් පවත්වා ගැනීමත්, පක්ෂය ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සමඟින් වර්ධනය කරලීමත්, දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙත පිළිබදව සහ පක්ෂ විනය පවත්වාගෙන යෑම අවශ්‍යතාවය පිළිබදවත් මෙහිදී සාකච්ඡා සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනි ගියාට පස්සේ ලැබුණු පිළිගැනීම් දැකලා මෙයත් ගිහිල්ලා ජවිපෙ බේරගන්න. පාපිස්සො ටික මාලිමාවේ බලය අල්ලලා. පව් පරන ජෙප්පෝ ටික...
NPP එක හදන්නේ ලංකාව චීනය වගේ කොමියුනිස්ට් රටක් කරලා දැන් වියට්නාමය වගේ කරන්න. විපක්ෂය වගේ දුර දිග බලලා රට ඇෆ්ගනිස්ථානය වගේ දියුණු කරන්න කිසිම අදහසක් නෑ.
කොමියුනිස්ට් ක්‍රමය ලෝකේ ෆේල් වෙලා ඉවරයි, චීනේ, උතුරු කොරියාවේ තිබෙන්නේ ඒකාධිපති ක්‍රමයක් මිස කාර්ල් මාක්ස්ගේ කොමියුනිස්ට් ක්‍රම නොවේ. ඔය මගුල් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ආවොත් කෙලින්ම පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න ඕනේ, අපිට සීනි නැතිව තේ බොන, මිරිස් නැතිව හොදි කන යුගයක් නැවත එපා...
හරිනිත් එක්කම යන්න තිබුනානේ. ඇයි ඔයා වෙනම ගියේ. සිංහලෙන්ද කතා කරේ? සත පහකට ගණන් අරන් නෑනේ. කමක් නෑ දැන් ඉතින් ආපහු එන්න.
කීයක් ගියාද වියදමට. මහ බොරු වැඩක්නේ මේ. රටට කිසිම ප්‍රතිලාභයක් නෑ. ඒත් මෙයාලා ලෝකේ හැමතැනම යනවා...