
(ඩි.ජි.සුගතපාල)
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටි බන්ධනාගාර උපක්රමික බලකා නියාමකවරයකු ගංජා සන්තකයේ තබාගෙන සිටියදි අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කහවත්ත කපුහේන්තොට පදිංචි 45 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකි.
මෙම නියාමකවරයා රාජකාරි විවේක කාලය තුල බන්ධනාගාරයෙන් පිටතට ගොස් නැවත පැමිණිමේදි බන්ධනාගාර නිලධාරින් විසින් හදිසි පරික්ෂාවකට ලක් කර ඇත. එහිදි ඔහු සන්තකයේ තිබි ගංජා සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අසික්කිත වැඩ කරලා හම්බ කරපු මුදල්වලින් කාලා බීලා සතුටු වෙන්න පුළුවන් ටික කාලයකටයි. ලෙඩ හැදිලා දරු පවුලත් එක්කම විඳවන්න පටන් ගන්නකොට තමයි තේරෙන්නේ කරපු පව්වල තරම. එතකොට පරක්කු වැඩියි.