
(සමන් පාලිත නානායක්කාර)
බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාමේ අධි අවධානම් කලාප සහ මධ්‍ය අවධානම් කලාප බහුලව තිබෙන බැවින් අදාළ ඉලක්ක ගත ප්‍රජාව පවතින අධික වර්ෂාව හමුවේ දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා අද (25) පැවසීය.
ඉදිරි දින කිහිපයේදීත් අධික වැසි ලැබෙන බවට අනාවැකි පලවන බැවින් ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා පැවසීය.
මේ අනුව බදුල්ල දිස්ත්‍රික් ආපදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද (25) නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
වර්ෂාව අධික අවස්ථාවලදී අවට පරිසරය පිළිබඳව අවබෝධයෙන් සිටින්න. නාය යාමේ පූර්ව ලක්ෂණ පරිසරයේ පෙන්නුම් කරන්නේ නම් නම් කර ඇති ආරක්ෂිත ස්ථානවලට ඉවත්වීමට කටයුතු කරන්න.
නිවාස අවට කාණු පද්ධති හොඳින් නඩත්තු කරගන්න. ලබාදී ඇති වර්ෂාමාන නිවැරදිව ස්ථානගත කර සවිකර එහි දත්ත අනුව කටයුතු කරන්න. හදිසි අවස්ථාවලදී ඉවත්ව යන විට රැගෙන යාම සඳහා ආපදා මල්ල සූදානම් කර තබාගන්න.
අකුණු පවතින විට අවධානම් වැඩ කටයුතු වලින් ඉවත් වෙන්න. තම නිවාස අසල හෝ නිවාස වෙත යොමු වූ ගල් පර්වත පස් කඳු පවතී නම් නිරතුරුව අධීක්ෂණයෙන් සිටින්න. ග්‍රාම නිලධාරී ඇතුළු ප්‍රදේශයට සේවය කරන රාජ්‍ය සේවකයින් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වාගන්න. පූර්ව අනතුරු නිවේදනය පිළිබඳව සංවේදී වන්න. යනුවෙන්ද එම විශේෂ නිවේදනයේ සඳහන් වේ.
2025 ඔක්තෝබර් මස 08
1425
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බදුල්ලට නාය අනතුරු ඇඟවීම්