
හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කළ තරුණ ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයකු වු ෂරීෆ් ඔස්මාන් හාඩි ඊයේ (18 ) දින මිය යාමෙන් පසු බංග්ලාදේශයේ ප්‍රචණ්ඩකාරී තත්වයක් නැවත උද්ගතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ ඩකාහි මුස්ලිම් පල්ලියකින් පිටව යමින් සිටියදී නාදුනන තුවක්කුකරුවන් විසින් ෂරීෆ් ඔස්මාන් හාඩි හට වෙඩි තැබීමෙන්න් පසු බරපතල තුවාල ලබා ඔහු සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) දින මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
2024 නැගිටීමෙන් පසු බංග්ලාදේශ බලධාරීන් විසින් පළමු මැතිවරණය සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම මැතිවරණයේදී හාඩි ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ කිරීමට සැලසුම් කර තිබු බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බ්‍රහස්පතින්දා (18) ඔහුගේ මරණය පිළිබඳ පුවත පළ වූ විට, ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් අගනුවර චතුරශ්‍රයකට රැස් වී විරෝධතා ආරම්භ කර තිබේ.
පසුව, විරෝධතාකරුවන් ප්‍රමුඛ බංග්ලාදේශ පුවත්පත් වන ද ඩේලි ස්ටාර් සහ ප්‍රෝතොම් අලි කාර්යාල විනාශ කළ අතර එක් ගොඩනැගිල්ලකට ගිනි තබා ඇති බවද වාර්තා වේ.
සිද්ධිය වූ ස්ථානයට ආරක්ෂක අංශ යොදවා ඇති අතර, ගිනි නිවන භටයින් ගොඩනැගිල්ල තුළ සිරවී සිටි මාධ්‍යවේදීන් බේරාගෙන තිබේ.
32 හැවිරිදි හාඩි, ඉන්කිලාබ් මන්චා නම් ශිෂ්‍ය විරෝධතා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ අතර අසල්වැසි ඉන්දියාව පිළිබඳ විවෘත විවේචකයකු බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
භාරකාර රජයේ ප්‍රධානියා වන නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්, හාඩිගේ මරණය "ජාතියට ආපසු හැරවිය නොහැකි පාඩුවක්" ලෙස හැඳින්වීය.
අන්තර්කාලීන රජය සෙනසුරාදා (20) දින ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.
පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.
අන්තර්ජාලය ඇසුරෙන් (හසිනි නවෝද්‍යා)
ඡායාරූප විදෙස් මාධ්‍ය ඇසුරෙනි

2025 දෙසැම්බර් මස 18
67
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංගලාදේශය යළි ගිනි ගනී