IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පොලිසියේ යකා නැටු ජාජබ පුංචි මන්ත්‍රී අල්ලයි

(ඉන්දිකා රාමනායක සහ සුනිමල් හේවගේ)

සිය සොහොයුරා නිදහස් කරන ලෙසට ඉල්ලා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාදී බලහත්කාරය පෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.

හිඟුරක්ගොඩ යටියල්පතාන  ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරයා ඊයේ (4) පස්වරුවේ පොලිස් ස්ථානය තුළදී මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත.

විදුලි බිල් නොගෙවීම මත මන්ත්‍රීවරයාගේ සොහොයුරා ගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ආ විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට තර්ජනය කර ඔවුන්ගේ රාජකාරියට බාධා කර , නිලධාරීන් පැමිණි යතුරු පැදියට පහරදී අනර්ථය සිදු කිරීමේ චෝදනාවට මන්ත්‍රීවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනා මේ සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සිය සොහොයුරා බැලීමට මන්ත්‍රීවරයා පස්වරුවේ පොලිසියට පැමිණ ඔහුව නිදහස් කරන ලෙසට ඉල්ලා පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාදි බලහත්කාරය පෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

පොලිසියේ යකා නැටු ජාජබ පුංචි මන්ත්‍රී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site