IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


පොලිසියෙන් වෙඩි කා දෙහිවල වෙඩික්කරු මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිවල ප්‍රදේශයේදි ඉකුත් 18 වැනි දා මුදල් පොලිසියට දෙන පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කළ බව කියන විශේෂ බළකා හිටපු සෙබළක පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිසිය කියයි.

සැකකරු කහතුඩුව පහළගම කුරුළුබැද්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක  වාඩියක් තුළ සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම එම ස්ථානය වටලා ඇති අතර කුරුඳු ඉඩමේ වාඩියක සිටි වෙඩික්කරු  පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙිිඩි තබා ඇත. සිදු වූ වෙඩි හුවමාරුවේ දි සැකකරු වෙඩි වැදී මියගොස් ඇත. 

සැකකරු සිටි කුරුඳු ඉඩමේ වාඩියේ තිබී ටී.56 ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. 



අදහස් (10)

පොලිසියෙන් වෙඩි කා දෙහිවල වෙඩික්කරු මරුට

Indrajith Fernando Friday, 25 July 2025 08:25 AM

හොඳ වැඩක්. පාතාලය අහෝසි කරන්න උත්සාහ කරන්න.

:       1       25

Bunny Preena Friday, 25 July 2025 09:29 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති

:       0       21

Angna Kouross Friday, 25 July 2025 03:46 PM

පොලීසිය කොස්සකින්ද වෙඩිතියලා තියෙන්නේ? ඒවා අවි නොවේද? අපේ නෝනාගේ අවිය නම් කොස්ස තමයි.

:       0       5

සැම්සන් Friday, 25 July 2025 09:31 AM

සල්ලිත් දීලා වෙඩිත් කන්න වෙලා

:       1       13

මාලගිරාFriday, 25 July 2025 03:47 PM

සල්ලි දීලා කන වෙඩි රහයිද?

:       0       3

Perera Friday, 25 July 2025 09:33 AM

කතන්දරේ හිතාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔහොම එවුන්ට නඩු දාලා, නඩු අහලා, සමහර විට සැකයේ වාසියෙන් ගෙදර යවනවාට වඩා ඔහොමවුන එක හොඳයි.

:       0       24

Nipuna Friday, 25 July 2025 10:13 AM

විය යුතු දේ වෙමින් පවතී, ප්‍රමාද වී හෝ.

:       1       19

Sunil Friday, 25 July 2025 01:35 PM

පාතාලය මර්ධනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඕක නැත්තං නඩු අහලා පැහැදිලි සාක්ෂි නෑ කියලා ඊට පස්සේ ඇප දීලා එලියට දාලා වෙන රටකට පැනලා යනවා.

:       0       7

Third Eye Friday, 25 July 2025 03:54 PM

සියලු පාතාලයන් අල්ලන්න යෑමේදී වෙඩි හුවමාරු කරගන්න ලැබේවා..!

:       0       6

රනේ Friday, 25 July 2025 05:16 PM

ඔබ රටට මුදල් ඉතිරි කළා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site