IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


පොලිස් ජීප් රියකට සමාන රියක් මහනුවරින් අල්ලයි

(ෂේන් සෙනෙවිරත්න  සහ ජේ.ඒ.එල්.ජයසිංහ)

පොලිසියේ ඉහළ නිලධාරීන් භාවිතා කරන ජීප් රථයකට සමානව හැඩගන්වන ලද ජීප් රථයක් මහනුවර මූලස්ථාන පොලිසියේ රථවාන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එම ජීප් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් සන්තකයේ පොලිස් නිලධාරීන් භාවිතා කරන ආකාරයේ ගමන් කථන දෙකක්ද තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

ටොයොටා ලෑන්ඩ් කෘෘශර් වර්ගයට අයත් එම ජීප් රථය අන්තවාදී දේශපාලන පක්ෂයක නායකයකුට අයත් බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර තද නිල් පැහැයෙන් යුක්තව වර්ණ ගන්වා තිබුනද එහි ලියාපදිංචි වර්ණය කොළ වර්ණය බවට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලය වාර්තා කොට ඇති බව පොලිසිය කියයි.

මෙම ජීප් රථයේ ඉදිරිපස වීදුරුව හැරෙන්නට අනෙකුත් සියලු පැති වීදුරු  සියල්ලක්ම එහි ගමන් කරන අය පිටතට නොපෙනෙන ආකාරයට අඳුරු කොට ඇති අතර එම ජීප් රථය නගරයේ ගමන් කරන අවස්ථාවලදී ඉහළ පොලිස් නිලධාරියෙකු ගමන් කරන බවට රැවටී ඇතැම් පොලිස් නිලධාරීන් ආචාර කොට ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් ගමන් කථන දෙක කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සම්බන්ධතා පැවැත්වූ ගමන් කථන දැයි පරීක්ෂා කිරීම සඳහා එහි තරංග පරීක්ෂාවට යොමු කොට ඇති අතර ජීප් රථය එකලස් කරන ලද්දක් දැයි සොයා බැලීම සඳහා විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතී.

 

 



අදහස් (0)

පොලිස් ජීප් රියකට සමාන රියක් මහනුවරින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 404 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16744 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site