(අංජුල මහික වීරරත්න)
පුරාවස්තු ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ පුරාවස්තු සහ ශ්‍රී ලංකාව තුළ ඇති ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන හා ගොඩනැගිලි සංරක්ෂණය කිරීම සඳහා 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත සම්මත කර ඇත. එකී ආඥාපනත අවසන් වරට සංශෝධනය කරනු ලැබ ඇත්තේ 1998 වර්ෂයේදී වන අතර, මේ වන විට පුරා වස්තු ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටී. එබැවින්, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සහ විශේෂයෙන්ම පුරාවස්තු විනාශය, පුරාවස්තු සොරකම, අනවසර කැණීම් සහ පුරාවස්තු අපනයනය වැලැක්වීමට කඩිනමින් පියවර ගැනීම සඳහා නව නීතිරීති ඇතුළත් කරමින් අදාළ ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇත.
ඒ අනුව, අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්, පුරාවිද්‍යාඥයින්, පුරාවිද්‍යා නිලධාරින් සහ සමාජ ක්‍රියාකාරකයින් සමඟ වැඩමුළු සහ සාකච්ඡා පැවැත්වීම මඟින් හඳුනා ගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතසංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පුරාවස්තු ආඥාපනත සංශෝධනය වෙයි