(අංජුල මහික වීරරත්න)
පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාලකයන්ගේ අවශ්‍යතාවට නීති හදපු සහ ව්‍යවස්ථා වෙනස් කළ යුගය දැන් අවසන් කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (17) පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමිනි. ‘රට නඟන ගුරු පවුර’ යන තේමාවෙන් මෙම සමුළුව පැවැත්විණි.
ගනු ලබන කිසිදු තීන්දුවක්, සම්මත කරනු ලබන කිසිදු පනතක් හෝ ව්‍යාපෘතියක් තමන්ගේ හෝ ඇමතිවරුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු නොකරන බවද ජනාධිපතිවරයා කීය.
එකම නිර්ණායකය වන්නේ ජනතා ප්‍රතිලාභය පමණක් බව සඳහන් කළ ජනාධිපතිවරයා අවිශ්වාස හෝ සැක සහිත තැන් විමසමින් එම තීරණ වෙනුවෙන් පෙනී සිටින ලෙස ගුරුවරුන්ට ඇරියුම් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුරවැසියා එපා කියන කිසි නීතියක් සම්මත කරන්නේ නෑ