(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ආයතන වල කසළ ප්‍රවාහන කටයුතු විධිමත් කිරීම සඳහා කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය වර්තමානයේදී අභියෝග සහ දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටී.
ඒ අනුව, නාගරික කසළ කළමනාකරණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. පරිසර හිතකාමීව එකතු කරනු ලබන නාගරික අපද්‍රව්‍ය මහජන පීඩා අවම වන පරිදි පිරියම් කරනු ලබන ස්ථාන කරා ප්‍රවාහනය කිරීම පිණිස දැනට පවතින කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ සහ ට්‍රැක්ටර් රථ යොදා ගනු ලබන අතර, ඒ සඳහා කම්පැක්ටර් රථ 100 ක් දේශීය ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මිල දී ගැනීමට 2017 වර්ෂයේදී කටයුතු කර ඇත.
එහෙත් දැනට ජනනය වන කසළ ප්‍රමාණය කළමනාකරණය කිරීම සඳහා එම රථ සංඛ්‍යාව සහ පළාත් පාලන ආයතන සතු ට්‍රැක්ටර් ඇතුළු වාහන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය කර ඇත.
ඒ අනුව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ 2025 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති අයවැය ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන උපයෝගි කර ගනිමින් තෝරා ගත් පළාත් පාලන ආයතනවල කසළ එක් රැක් රැස් කිරීම සහ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ 16ක් මිල දී ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පුංචි ආණ්ඩු වලට කසල ප්‍රවාහන රථ 16ක් අලුතින් එයි
රුවන් Thursday, 12 June 2025 02:40 PM
සිරිකොතටයි, සජබේ කොට්ටේ මුලස්ථානයට වෙනම කුණු ලොරි දෙකක් ඕනේලු.