(රන්ජන් කටුගම්පොළ)
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින් තව මූලික අයිතිවාසියක් කඩවන ලදැයි සඳහන් කරමින් රුපියල් මිලියන සීයක වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
රහස් පොලිසියේ රඳවා තබා සිටින කාලය තුළ තමාට නිදා ගැනීමට සුදුසු ස්ථානයක් ලබා නොදීම මගින්ද සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස පෙත්සන්කරු සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ගොනු කර ඇති පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල,වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමැති අනුර කුමාර දිසානායක, සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
nihal Thursday, 15 May 2025 11:40 PM
නරියෙක්
Perera Friday, 16 May 2025 04:19 AM
දළදා මාලිගාවට බෝම්බයක් ගහලා පොතුවිල් වළදී පොලිසියේ 600ක් මරපු වෙලාවේ, ඒකට මූලික අයිතිවාසිකම් ගැන කැළපනාවක් තිබුණෙ නැද්ද? ඕකට පදුරක්වත් දෙන්න වටින්නෙ නෑ නින්දට යන්න.
ජයනාත් Friday, 16 May 2025 07:23 AM
දහස් ගණනක් සිවිල් සහ ආරක්ෂක අංශවල මූලික අයිතිවාසිකම් කඩපුවා මතක් කරගත්තොත් නරකද.
idr tharanga Friday, 16 May 2025 08:39 AM
ඒ කාලෙ කිරි දරුවො පෙති පෙති ගහල මරපු එකෙක් නේද මේ. මුන්ගේ සල්ලි වලට මුන් වෙනුවෙනුත් පෙනී සිටින නීතිඥයොත් ඉන්නවනේ අම්මපා