
(සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කළහොත් නඩු මඟට බහින බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය.
රජයේ එම තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් කිහිපදෙනෙකු ඒ සඳහා උදව් කරන බවද ප්‍රකාශ කළේය.
මීට අමතරව එම තීරණයට එරෙහිව රට පුරා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද සංවිධාන කරන බව පැවසූ මානගේ මහතා විශ්‍රාම වැටුප කැපීම ආණ්ඩුව හිටපු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වෛරයෙන් කරන වැඩක් බවද සඳහන් කළේය.
විශ්‍රාම වැටුපෙන් ජීවත්වන සියලු ම මන්ත්‍රිවරුන් මෙමගින් දැඩි ගැටලුවකට මුහුණ දෙන බවත්, හිටපු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු හැර අති බහුතරය බෙහෙත් හේත් ලබාගැනීම ඇතුළු එදිනෙදා වියදම් දරා ගැනීමට නොහැකිව අද අසරණව සිටින බවත් පේමසිරි මානගේ මහතා පැවසීය.
ඇතැම් මන්ත්‍රිවරුන් වියපත්වී අසනීපව එක්තැන්ව සිටින බව කී හෙතෙම තවත් ඇතැම් මන්ත්‍රිවරුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් කිසිදු රැකවරණයක් නොමැතිව සිටින බවද ප්‍රකාශ කළේ ය.
2025 නොවැම්බර් මස 17
85
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
923
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2540
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පැන්ෂන් කැපුවොත් නඩු දානවා