IMG-LOGO

පාසල් වෑන් රිය-ටිපරය ගැටී ළමුන් දෙදෙනකු ඇතුළු 3ක් මරුට

( දිනේෂ් උපේන්ද්‍ර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහා වැලි පිරවූ ටිපරයක්  මුහුණට මුහුණ ගැටීමෙන් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

ඒ අතර පාසල් වෑන් රථ රියදුරා ද වන බව පොලිසිය  කියයි. අනතුරින් තුවාල ලැබූ තවත් පාසල් දරු දැරියන්  13 පිරිසක් රෝහල් ගත කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි

ඔවුන් කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය කියයි.

 

(ඡායාරූප බිමල් ශ්‍යාමන් )



අදහස් (13)

පාසල් වෑන් රිය-ටිපරය ගැටී ළමුන් දෙදෙනකු ඇතුළු 3ක් මරුට

Saman Wednesday, 27 August 2025 09:02 AM

අඩුම තරමෙ මහාමාර්ගයේ විනයවත් හදන්න මේ ආණ්ඩුවට කොන්දක් නැහැ.

:       67       18

ගමේ එකාලාWednesday, 27 August 2025 12:50 PM

කිසිම විනයක් චාරයක් නැති රියදුරන් ගේ වැරදි.මේවට ආණ්ඩුව පලි නැහැ.දූෂිත.දේසපාලුවෝ පිරිවරා ගත්තු ආරක්ෂයෝ පාර බදු අරගෙන ගිය හැටි වහලුන්ට මතක නැතුවා.

:       3       30

පන්සිළු Wednesday, 27 August 2025 09:33 AM

ලෝකෙ දියුණු යැයි සම්මත රටවල්වල ටිපර් , බහාලුම් අදින වැනි බර වාහන වලට පාරට එන්න වෙලාව් තියෙනවා. උදේ 9 පසුව . සහ වේග සීමාවක් තියෙනවා. අපේ රටේ මේවා ඇයි ක්රියාත්මක කරන්නෙ නැත්තෙ ? ටිපර් යන්නෙ පාරෙ මැද අධික වේගයෙන්. නොහික්මුන රියදුරන් අනෙකාව මරාගෙන යනවනෙ.

:       0       75

anuradhaWednesday, 27 August 2025 12:27 PM

ඉස්සර ඔය නීතිය තිබ්බ, උදේට කොලඹට එන පැත්තෙ වාහන නවත්තන්න බැ කියල නීතියකුත් තිබ්බ. දැන් මුකුත් නැ. මට තේරෙන විදියට පොලීසියට කිසිම ප්ලෑන් එකක් නෑ. මොරටුව ප්‍රදාන පාසල් දෙකක් ලග තුන් තෑනකින් උදේට ගාලුපාර අවහිර කරන්ව. කොලඹ යන මිනිස්සුන් පුදුම කරදරයක් ඒක.

:       0       15

දිමුත් Wednesday, 27 August 2025 09:46 AM

පව් දෙයියනේ. දෙමව්පියන් කොහොම මේ දුක දරාගනීද? ටිපර්කාරයෝ යන්නෙ පාර උන්ට ලියලා දීලා වගේ. ඔය රියදුරන්ව මත්ද්‍රව්‍යවලට පරීක්ෂා කරන්න ඕනෙ!

:       0       60

Suga Wednesday, 27 August 2025 09:46 AM

පාසැල් පටන්ගන්න වෙලාවට සහ නිම වන වෙලාවට බස් රථ හැර අනෙකුත් බර වාහන ගමන් කිරීම තහනම් කලයුතුය. එය කල හැකි දෙයක්.

:       1       54

Saman Wednesday, 27 August 2025 10:49 AM

දිවා කාලයෙදී බර වාහන ගමන් කිරීම තහනම් කරනු.

:       0       34

ගුණරත්න Wednesday, 27 August 2025 11:20 AM

ආණ්ඩුව අධික බදු පනවල වාහන මිල ඉහල දැම්ම එකේ විපාක තමයි මේ. හරි හමන් වාහනයක් ගන්න කෝටියක් යන රටේ කොහොමද මේ සේවා පවත්වන් යන්නේ? පරණ වැන්වල ළමයි යවන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැති තැන.

:       4       9

පොඩිඑකාWednesday, 27 August 2025 03:50 PM

වැඩිකලේ නැත්තං අයියලා මේ මාස දහයට ඔක්කොම ලදරං ටික බැද්දට දාලා පාසල් වෑන් වලට ලක්ෂරි වාහන අරං දායි නේ. මොකාද මේ ගුණරත්න කියන මැටි මෝලා?

:       3       4

ප්‍රියන්තWednesday, 27 August 2025 03:54 PM

මේ ආණ්ඩුව මාර්ග නීති තදින් ක්‍රියාත්මක කරන්න පටන්ගත්තම ඒකට රැදාව ගැහුවෙත් මේ ගුණරත්නගෙ ජාතියෙ හොරිකඩ එවුන්ටම තමයි.

:       2       3

Shantha - Qatar Wednesday, 27 August 2025 12:15 PM

හරිම දුක හිතෙන ආරංචියක්, මම දැනට ඩුබායි වල ඉන්නේ . මෙහේ මාර්ග නීති වලට කිසිම බර වාහනයක් (Heavy Vehicle) පාසල් සහ කාර්යාල කාල වලදී පාරට දාන්න දෙන්නේ නැහැ, ඒවාට වෙනම මාර්ග රේඛා තියෙනවා. ඒවගේම පාක් කරගෙන ඉන්නවා තමන්ගේ වේලාව එනතුරු . විනය ගරුක, රියදුරන් බිහි කරන්නේ නැතිව හොඳම ක්‍රියා පිළිවෙතක් එයයි.

:       0       12

පිස්සු යකෙක් Wednesday, 27 August 2025 02:51 PM

බර වාහන රියදුරන් දැඩිව විනයක් හා දැනුමකින් යුක්තව රිය ධාවනය කරන්න අලුතින් නීති වහාම ගෙන ආ යුතුය. එතෙක් මහජනයා වන අපි දැඩිව ඔවුනට එරෙහිව මතයක් ගොඩ නගමු. එවිට පගා අරං නීතිය නමන්න දෙන පතෝල පොලිසියටත් වැඩ වරදීවි.

:       0       8

Nima Wednesday, 27 August 2025 03:00 PM

බොලාට මොකවත් කරන්න තේරෙන්නෙ නැතිනම්,මාර්ග නීතිවත් හරියට ක්‍රියාත්මක කරන්න.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14316 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 411 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 250 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site