IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පාතාලයට උණ්ඩ දුන්නැයි හමුදා ලොක්කෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොමන්ඩෝ සලින්තගේ ඉල්ලීම මත පාතාලයට ටි 56 ජීව උණ්ඩ තොගයක් මුදලට විකුණු යුද හමුදා මල්ලාවි එක කඳවුරේ අණ දෙන නිලධාරීවරයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.

එම අපරාධ කොට්ඨාසයේ රැඳයුම් නියෝග මත ප්‍රශ්න කරන තිළිණ සම්පත් හපු ආරච්චි නොහොත් වලස් කටා යන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව මීට සිව් මසකට ඉහතදී අණ දෙන නිලධාරීවරයා  අවස්ථා දෙකකදී උණ්ඩ ලබා දුන් බවට අනාවරණය කළ බව පොලිසිය කියයි.

එවකට විදේශගතව සැඟව සිටි කොමන්ඩෝ සලින්ත නමැත්තාගේ ඉල්ලීම මත සැකකාර අණදෙන නිලධාරීවරයා ඔහුට අයත් නිල කැබ් රථයෙන් ගම්පහ ප්‍රදේශයේ දි තමන් වෙත එක් අවස්ථාවක ජීව උන්ඩ තොගයක් ලබා දුන් බවත් ඉතිරි තොගය ශලින්තගේ උපදෙස් මත තවත් අයකුට ලබා දී තිබූ බව වලස් කටාගෙ ප්‍රකාශයකින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිසක ලින්ටන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අණ දෙන නිලධාරීවරයාව  බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසය වෙත කැඳවා සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කොමන්ඩෝ සලින්ත නැමැත්තා 2015 වසරේදී තමන් යටතේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ බවත් ඒ හිතවත්කම මත ඔහුගේ ඉල්ලීම අනුව තමන් ජීව උණ්ඩ 260 කට අධික ප්‍රමාණයක් සිය ජීප් රථයෙන් රැගෙන විත් සලින්ත නැමැත්තා නම් කරන ලද පුද්ගලයන් දෙදෙනෙකුට ලබා දුන් බවත් අනාවරණය කළ බව පොලිසිය කියයි

ඒ වෙනුවෙන් කොමන්ඩෝ සලින්ත නමැත්තා තමන්ගේ බැංකු ගිණුමට අවස්ථා පහකදී රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක් බැර කළ බව අණ දෙන නිලධාරීවරයාගෙන් දිගින් දිගට සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

පාතාලයට උණ්ඩ දුන්නැයි හමුදා ලොක්කෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 63 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site