IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ

(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසයි.

එම පුහුණු කෙරෙන නිලධාරීන්ට විශේෂ නිලඇදුමක් ලබාදෙන අතර විශේෂිත යතුරුපැදි 50 ක් සහ ගිනි අවි ලබාදී මැයි මස 01 වැනිදා සිට පාතාල මර්දන රාජකාරියට යොදවන බව පොලිස් මූලස්ථානය කියයි.

ඒ අනුව අපරාධ වැඩියෙන් වාර්තා වන බස්නාහිර පළාතේ තෝරාගත් පොලිසි 25 කට නිලධාරීන් 4 දෙනකු බැගින් එම පුහුණු කෙරන නිලධාරීන් අනුයුක්ත කෙරෙන බව ද පොලිසිය පවසයි.

ඊට අමතරව ලබන මස 1 වැනිදා සිට සෑම පොලිස් ස්ථානයකම සිටින නිලධාරීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ගෙවල් බිදුම්, කොල්ලකෑම්, මාල කැඩීම්, වාහන සොරකම් ඇතුළු බල අපරාධ මැඩලීමේ රාජකාරියට යොදවන බවද පොලිසිය පවසයි.

දකුණු පළාතේ පාතාල මර්දනය සදහා යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායම් විස්සට තවත් කණ්ඩායම් 10 ක් ලබන මස 1 වැනිදා සිට එකතු කරන බවද පොලිස් මූලස්ථානය පවසයි.



අදහස් (3)

පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ

Prabha Wednesday, 17 April 2024 08:25 PM

පොලිසියේ ඉහල පුටුවල ඉන්න උන්ගේ පාතාලයට තියන සම්බන්ධකම් ඇති තාක්කල් ඕවා කතන්දර

:       0       5

chandima Wednesday, 17 April 2024 09:54 PM

මෙච්චරකල් බුදියන් උන්නද ?දැන් එකපාරට පුහුණුව දීලා රාජකාරියට යොදවන්නේ ?ඔක්කොම ජෙප්පෝ ඉන්න තැනුත් කිව්වා නේද ?

:       1       1

Saman Dissanayake Thursday, 18 April 2024 07:10 AM

යුද හමුදවේ කමාන්ඩො ,SF සහය ගත්තොත් නරකද ? නිකන් බෑරක්ක වල දලා පඩි ගෙවනවනේ තනියම ඔක කරනවට වඩා. මෙක රටටම බලපාන ප්‍රස්නයක්.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළට
2024 අප්‍රේල් මස 30 84 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස (අප්‍රේල්) මෙරට උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


රට විරුවන්ගේ වාහන බලපත නවත්වයි
2024 අප්‍රේල් මස 30 311 0

විවිධ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන් විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කාලය ද


රතුපස්වල නඩු තීන්දුව කල් යයි
2024 අප්‍රේල් මස 30 300 0

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කොට තවත් 45 දෙනකුට තුවාල සිදු කළ කළ බවට චෝදනා ලැබු යුද හමුදා බි


ලංකාදීප ප්‍රවෘත්ති කර්තෘ රංජන්ට සම්මානයක්
2024 අප්‍රේල් මස 30 137 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන APAX Campus හි 2024 උපාධි ප්‍රදානෝත්සවයේ දී ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ රංජන් කස්තුරි මහතාට සම්මානය


රුසියන් මිසයිල ප්‍රහාරයෙන් හැරී පොටර් මාළිගය වැනසෙයි
2024 අප්‍රේල් මස 30 961 0

යුක්රේනයේ ඔඩෙසා නගරයේ පිහිටි හැරී පොටර් මාළිගයට එල්ල රුසියානු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් පස් දෙනෙක් මියගොස් තවත් 31 දෙනෙක් තුවාල ලැබූහ.


උමා ඔය ඉරි තැලීම් තිබේදැයි බලන්න භූ විද්‍යාඥ කණ්ඩායමක්
2024 අප්‍රේල් මස 30 390 1

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 405 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1809 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1627 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site