පාසල් ප්‍රවාහන සේවයට ජාතික පිළිගැනීමක් ඉල්ලමින් සමස්ථ ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය සංවිධානය කළ මැයි රැළියක් අද ගාල්ලේදී පැවැත්විණි. සුදු පැහැති ඇදුමින් සැරසුණු පාසල් ප්‍රවාහන සේවයේ නිරත 3000 ක පමණ පිරිසක් ගාල්ලේ නාවික හමුදා කඳවුර ඉදිරිපිට සිට පෙළපාලියකින් ගාල්ල නගරයට පැමිණ ක්‍රීඩා මණ්ඩපය ඉදිරිපිට දී රැළියක් පැවැත්වූහ. කිසිදු දේශපාලනඥයකු සහභාගී නොවූ මෙම මැයි රැළිය ලෝක කම්කරු ව්‍යාපාරයට ආදර්ශයක් බව ආරාධිත දේශනය කළ ගාල්ල නිල නොලත් මහේස්ත්‍රාත් ඒ.පී.ජී.සරත්චන්ද්‍ර මහතා කීවේය. ඒ.එච්.හරිස්චන්ද්‍ර මහතාගේ සභාපති ධූරය දරන මෙම සංගමයේ ලෙකම් වරයා ලෙස කිත්සිරි අමරසිංහ මහතා කටයුතු කරයි. එස්.එල්.සුමනසේකර ප්‍රමුඛ ගාල්ල ශාඛාව මෙම මැයි රැළිය සංවිධානය කැර තිබිණි.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාසල් ප්‍රවාහන මැයි රැළිය ගාල්ලේ
රාජ් Wednesday, 01 May 2013 09:30 PM
බොහොම හොද වැඩක්, තමන්ගේ වෘත්තිය අනුව සංවිධානය වෙලා කරලා තියෙන්නේ. මේ වගේම රැකියාවත් හරියට කරන්න (නි)