කුරුණෑගල
17 හැවිරිදි තරුණයෙක් තිත්තවැල්ල සාරගම වැවේ දියේගිලී මියගියේය.
තංගල්ල
තංගල්ලෙන් මුහුදු ගිය 45 හැවිරිදි ධීවරයකු මුහුදට වැටී අතුරුදන්වූ බව නාවික හමුදාව කියයි.
වැලිකන්ද
මැණික්වෙල සෙවනපිටියේදී අනවසර විදුලි රැහැනක පැටලී 25 හැවිරිදි තරුණයෙක් මරුමුවට පත්විය.
කෑගල්ල
බෙරගල ගණිකා නිවසක් වටලා තරුණ තරුණියෝ හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මිරිහාන හා වැල්ලවත්ත
නුගේගොඩ ගුවන්පාලම හා වැල්ලවත්තේ දී කුඩු විකුණන්නන් දෙදෙනෙක් කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූහ
මොනරාගල
ඒ 1 එච්. 1 ඉන්ප්ලුවන්සා රෝගයට ගොදුරු වූ රෝගියකු මොනරාගලදී මිය යාමත් සමග එම ඉන්ප්ලුවන්සාවට ලක්වී මියගිය ගණන තිදෙනෙකියි සෞඛ්‍ය අංශ කියයි. මෙම රෝගය වැළඳුණු කාන්තාවෝ දස දෙනෙක් කොළඹ කාසල් රෝහලේ ප්‍රතිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“මරණ සහ දුරාචාර සංදේශය“ (නි)
මගේ ප්‍රියතම පුවත්පත ලංකාදීප එසැණ පුවතයි. නමුත් සෙනසුරාදා සහ ඉරිදා පුවත් අඩුයි වගේ නේද? (නි)