IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පොලිසියේ යකා නැටූ ජාජබ ප්‍රා.මන්ත්‍රිට ඇප

(උපාලි ආනන්ද සහ නිමල් ජයරත්න)

හිඟුරක්ගොඩ පොලිසිය තුළදී පොලිස් නිලධාරින්ට බැණ තර්ජනය කරමින් කලබලකාරී ලෙස හැසිරුණැයි කියන හිඟුරක්ගොඩ ජාතික ජනබලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ලෙසට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සෙව්වන්දි සොයිසා මෙනෙවිය අද (5) නියෝග කළාය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ කේ.ඩබ්ලිව්.එස්. සමන් උදය කුමාර නමැත්තෙකි.

ඇප නියම කරමින් සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් විමර්ශනවලට සහා දෙන්නැයි ද සැකකරුට නියම කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට දැනුම් දුන්නේය.මෙම මස 27 වැනි දිය යළි අධිකරණයේ පෙනී සිටින්නැයි ද සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය .

විදුලි බිල් නොගෙවීම මත සැකකාර මන්ත්‍රීවරයාගේ සොහොයුරාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ආ විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට තර්ජනය කර ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන් පැමිණි යතුරු පැදියට පහරදී අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට මන්ත්‍රීවරයාගේ සොහොයුරා හිඟුරක්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනා මේ සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ ‍පොලිසිය අධිකරණයට දැන්වීය.

අත්අඩංගුවට ගත් සිය සොයුරා බැලීමට පොලිසියට පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා ඊයේ (04) වැනි පොලිසියට පැමිණ, සොයුරා නිදහස් කරන ලෙසට ඉල්ලා පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාදී බලහත්කාරයේ පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුව මන්ත්‍රීවරයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 



අදහස් (2)

පොලිසියේ යකා නැටූ ජාජබ ප්‍රා.මන්ත්‍රිට ඇප

ලයන් Wednesday, 05 November 2025 05:13 PM

අපරාදේ ඇප දුන්නේ, මේ මනුස්සයා ජජබ වේගයටත් ලැජ්ජාවක්, නීතිය ඉදිරියේ කවුරුත් එක සමානයි. සුමාන දෙකකට දැම්මා නම් අගෙයි, මොහු ගැන පරීක්ෂණයක් කරලා පක්ෂයෙන් නෙරපුවත් කමක් නැහැ.

:       0       8

ලොක්ක Wednesday, 05 November 2025 05:23 PM

මේ සම්බන්ධව ජාජබ වේගය විනය පරීක්ෂණයක් තබා ඔහු නීති විරෝධි කටයුත්තක් කර ඇත්නම්..., කරුණාකර ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කොට පක්ෂයේ ගරුත්වය රැකගන්න...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site