පිළියන්දල
අවුරුදු දෙක හමාරක දැරියකට අතරවර කළැයි කියන විවාහකයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පෞද්ගලික පිනෑන්ස් සමාගමක සීසර් පිරිසක් රූපවාහිනියක් හා කැසට් යන්ත්‍රයක් රැගෙන යද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වාරික නොගෙවූ ත්‍රීරෝද රියක් සොයා ආ පිරිස ත්‍රීරෝද රිය නොතිබූ නිසා එම භාණ්ඩ රැගෙන යන්නට ඇතැයි පොලීසිය කියයි.
කුච්චවේලි
අතුරුදන්වූ ධීවරයකු ඔහුගේම දැලේ පැටලී මියගොස් සිටියේය.
අරලගංවිල
දිඹුලාගල කන්ද අසළ කුඩාවැව කුඹුරේ තිබී පිරිම මළ සිරුරක් සොයාගෙන තිබේ.
පෑලියගොඩ
කොළඹ කොටහේනේ වැසියකු පැහැරගෙන රුපියල් කෝටි එකහමාරක් කප්පම් ඉල්ලා ලක්ෂ අටක් කප්පමක් කෑ කප්පම් කරුවෙක් වෑන් රියක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.
මාවරල
දෙයියන්දර වැටලීමකදී අත්බෝම්බ දෙකක්, පතොරම් 10 කක් හ ආලෝක සංඥා අඩංගු බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සංදේශය