පොලිස් නිල ඇඳුම් මසා දීම නිසාත්, රෙද්දේ පැහැය ඉක්මණින් දුර්වර්ණ වීම නිසාත් ප්‍රශ්න මතුවී ඇතැයි පොලිස් සැරයන් හා ඉන් පහළ නිලයන්හි සාමාජිකයෝ මැසිවිලි නගිති.
වසරකට ඔවුනට නිකුත් කරනුයේ නිල ඇඳුම් හතරකි.
එම නිල ඇඳුම්වල ප්‍රමාණය ඇඟට නොගැලපෙන නිසා යළි සකසා ගැනීමට සිදු වෙතියිද ඔවුහු කියති.
ඔවුන් මේ බව කියනුයේ නිල ඇඳුම් සම්බන්ධ පොලිස්පතිගේ නියෝගය ගැන කරුණු දක්වමනි.
පොලිසියේ ගරුත්වයත් ගුණාත්මක තත්ත්වයත් රැක ගැනීමට මේ පියවර ගත් බවත්, නිල ඇඳුම ගැන කිසියම් දුක්ගැනවිල්ලක් ඇත්නම් ඉහළ නිලධරයනට කරුණු ඉදිරිපත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ඈඳුම් අදිනව කියල මේ ඈහුවමයි.(නදී)
ලංකාවේ පොලිස් නිල ඇදුම වෙනස් කරන්ඩ කාලය හරි. දියුණු රටවල් වගේ පෙනුම තියෙන ඇදුමත් දෙන්ඩ. දැන් තියෙන ඇදුමේ කිසිම ප්‍රියමනාප බවක් නැහැ. මේවට මාතර සල්ලි යන්නේ නැහැ. පොඩ්ඩක් හිතන්ඩ තමා ඕනි.(නදී)
කොහොම උනත් මේ නිල ඇඳුමේ පාට වෙනස් කලා නම් මිට වඩා හොඳයි වගේ. මොකද මේ කාකි පාට දැක්කම එපා වෙනවා කිසි උද්යෝගී කමක් ඇති නොවන නිසා. අපිට එහෙම පේනවා නම් ඇඳන් ඉන්න ඔවුන්ට කොහොම ඇත්ද. පාටත් මාරු කරලා නාසී ක්‍රමයක් හැදුවොත් නරකද ?(නදී)
මුළු රටටම බාල බඩු, බාල ඉන්දන, බාල බෙහෙත් බෙදන එකේ පොලිසියට විතරක් හොද ඒවා දෙන්න බැරි නිසා පොලිසියටත් බාල යුනිෆෝම් රෙදි දෙන්න ඇති. පාසෙල් රෙදි ටිකටත් ඔය දසාවමනේ?(නදී)
එතකොට ඔය නීතිය ගෙනාපු අය අදින්නෙත් පොලිසියට ඕනෑ විදිහට මහපුවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
පොලිසියට ගැලපෙන්නේ පොඩි සරල ඇදුමක්. (නි)
පොලිස් සේවාවේ කිසිම ප්‍රස්නයක් නැහැ. ඇඳුමේ පමණයි ප්‍රශ්නයක් තියෙන්නේ. (නි)