(යොහාන් භාසුර)
මෙරට ව්‍යාපාර ආරක්‍ෂාකරගැනීමේ පියවරක් ලෙස මාස තුනකට අත්හිටුවූ ‘පරාටේ’ නීතිය හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලගැන්වෙන බවත් ව්‍යාපාරිකයන්ට නැවත හිස එසවීමට එම නීතිය අවම වශයෙන් තවත් වසරක කාලයකට අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විශාල පිරිසක් නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලය කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී සුසන්ත ලියනාරච්චි මහතා එසේ පැවසීය.
‘පරාටේ’ නීතිය නැවත සක්‍රීයවූ වාහාම ව්‍යාපාරිකයන්ගේ දේපළ අනිසි ලෙස පවරාගැනීමට ඇතැම් බැංකු සූදානමින් සිටින බවත් එම තත්වය වළක්වා ව්‍යාපාරිකයන් ආරක්‍ෂා කිරීමෙන් මෙරට ආර්ථිකය ආරක්‍ෂා කිරීමට රජය වාහාම මැදදිහත් විය යුතු බවත් ඒ මමහතා කීය. මෙරට 2018 වන විටලියාපදිංචි කර්මාන්තකරුවන් 130,300 සිටියත් ආර්ථිකය කඩාවැටීමත් සමඟ කර්මාන්ත කඩා වැටීමෙන් 2022 වසර වන විට පැවැති කර්මාන්ත 1017,000 න් එම අගෝස්තු මස වන විට කර්මාන්ත 263,000 ක් සම්පූර්ණයෙන්ම වසාදමා තිබූ බවත් ඉන් පසුව එම ව්‍යාපාරවල දේපළ පවරාගැනීමට බැංකු කටයුතු කළ බවත් ඒ මහතා කීය.
ව්‍යාපාර වැටීමට හේතුව ව්‍යාපාරිකයන්ගේ දුර්වලතාවක් නොවන බවත් රටේ ආර්ථිකය කඩාවැටීම ව්‍යාපාර කඩාවැටීම හේතුව වීම නිසා බැංකුවලට දේපළ පවරාගැනීමට මාර්ග පාදාඇති ‘පරාටේ’ නීතිය තාවකාලිකව අත්හිටුවා පනත ව්‍යාපාරිකයන්ට නැගිටීමට කාලය දියයුතු බව කී ඒ මහතා බැංකු අනීතික ලෙස දේපළ පවරාගැනීමට පැමිණිය හොත් නීතිමය පියවර ගන්නා බව ද සඳහන් කළේය.
‘පරාටේ’ පනත මෙරට රාජ්‍ය බැංකු ආරක්‍ෂා කරගැනීමට සම්මත කළ නීතියක් වුවද එම නීතිය මේ වන විට පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතනවලට ද ආදේශ කර ඇති බවත් එම බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩල ගන්නා තීරණයකින් රටේ ආර්ථිකයේ දැවැන්ත කොටස්කරුවන් වන ව්‍යාපාරිකයන්ගේ දෙපළ පවරා ගැනීමට නිර්දේශ කිරීම අසාධාරණ බවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ සාමාජිකයෝ සඳහන් කළහ.
ඇතැම් බැංකු මේ වන විටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ වරගෙන ඇති බවත් එසේ වුවහොත් ව්‍යාපාරිකයන්ට මහ මගට බැසීමට සිදුවන බව ද එම මණ්ඩලයේ සාමාජිකයෝ කියති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පරාටේ’ නීතිය තවත් වසරකට අත්හිටුවන්න