IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ප‍්‍රසාද ලකුණු සටහනේ මුල්තැනට තියුණු සටනක්

තරග 36 ක් අවසානයේ අයි. පී. එල්. තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්වී තිබේ. රෝයල් චැලෙන්ජර්ස් පිල තරග 8 කට සහභාගීවී ඉන් තරග 6 ක් ජයගෙන සිටී. කෙසේ වෙතත් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ද තරග 8 කට සහභාගීවී ඉන් තරග 6 ක් ජයග‍්‍රහණය කර ඇති හෙයින් ප‍්‍රසාද ලකුණු සටහනේ මුල් තැන සඳහා ඇත්තේ තියුණු තරගයකි.

කුමාර් සංගක්කාර කී‍්‍රඩා කරන සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල තරග 8 කට සහභාගීවී ඉන් තරග 5 ක් ජයග‍්‍රහණය කරමින්ද, රාහුල් ද්‍රාවිඞ්ගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල්ස් පිල තරග 7 කට සහභාගීවී ඉන් තරග 4 ක් ජයග‍්‍රහණය කරමින්ද ප‍්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල පසුවෙති.

බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් පිලේ ආරම්භක පිතිකරු කි‍්‍රස් ගේල් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගෙන සිටින අතර ඔහු තරග 8 කදී ලකුණු 432 ක් රැස්කරගෙන තිබේ. පූනේ වොරියර්ස් පිලට එරෙහිව තරගයකදී රැස්කළ වේගවත් ශතකයත් (නොදැවී 175) සමගින් ගේල් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත්විය.

වැඩිම කඩුලූ ලාභියා වන්නේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලේ පා දග පන්දු යවන්නා වන අමිත් මිශ්රාය. ඔහු තරග 8 කදී කඩුලූ ති‍්‍රත්වයක්ද ඇතුලත්ව කඩුලූ 14 ක් දවාගෙන තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ඞ්වේන් බ‍්‍රාවෝ උඩපන්දු 10 ක් රැකගෙන වැඩිම උඩපන්දු රැකගත් කී‍්‍රඩකයන් අතර පෙරමුණේ පසුවෙයි.

පූනේ වොරියර්ස් පිට එරෙහිව මිශ්රාගේ හොඳම පන්දු යැවීම සටහන් වූයේ 4-0-19-4 ක් වශයෙනි.

 

කණ්ඩායම  තරග   ජය     පරාජය විසඳුමක් නැති ප‍්‍රසාද ලකුණු සාමාන්‍ය
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් 8 6 2 0 12 1.254
චෙන්නායි සුපර් කිංග්ස් 8 6 2 0 12 0.591
සන්රයිසර්ස් හයිද්‍රාබාද් 8 5 3 0 10 -0.112
රාජස්ථාන් රෝයල්ස් 7 4 3 0 10 0.588
කිංග්ස් XI පංජාබ් 8 4 4 0 8 0.217
මුම්බායි ඉන්දියන්ස් 7 4 3 0 8 -0.135
කොල්කටා නයිට්රයිඩර්ස් 8 3 5 0 6 0.072
පුනේ වොරියර්ස් 8 2 6 0 4 -1.476
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් 8 1 7 0 2 -0.954

 

(*)



අදහස් (0)

ප‍්‍රසාද ලකුණු සටහනේ මුල්තැනට තියුණු සටනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site