IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පරණ කොටි පුල්ලි මතුවේ

කොටි සංවිධානයේ බව පවසමින් රුපියල් ලක්ෂ 12ක කප්පම් ඉල්ලූ දෙදෙනකු රැඳවුම් නියෝග මත යාපනය පොලීසියේ දී ප්‍රශ්න කැරගෙන යයි.

කිලිනොච්චිය පරන්තන් හංදියේදී අත්අඩංගුවට ගත් මෙම දෙදෙනාගෙන් එක් අයකු කිලිනොච්චිය තිරුනගර්හිදී, අනෙකා යාපනය කෝපාහිද පදිංචි කරුවන් බව සොයාගෙන ඇත.

මොවුන් දුරකතනයකින් කතා කොට ‘අපි එල් ටී ටී ඊ. අපි දැන් ඇවිල්ලයි ඉන්නේ. අපේ අනෙක් නායකයොත් දැන් මහේ ඉන්නවා.මම යාපනයේ එල් ටී ටී ඊ ප්‍රධානියා අපේ නායකයා විතරයි තවත් එන්න ඉන්නේ, අපට ආයෙත් නැගිටින්න අයුධ නැහැ. ඒ නිසා ඒකට ඔබගේ උදව් ඕනෑ‘ යැයි පවසා මුදල් ඉල්ලා ඇති බව පොලීසිය කියයි.

යාපනය නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්සිරි මහතා පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

පරණ කොටි පුල්ලි මතුවේ

සමන් Friday, 03 May 2013 10:06 PM

මෙවන් අය ඉක්මනින් අත්අඩංගුවට ගන්න ඕනෑ. නැත්තම් ආයෙත් රටේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එවන් යුගයක් අපිට ආයෙත් එපා. (නි)

:       0       0

හේරත් Friday, 03 May 2013 11:30 PM

මම හිතන්නේ මේ දවස් වල බටහිර රටවලින් අර ඇෆ්ගන් වලට ලැබෙන ආධාර වගේ ඒවා මදි ඇති. (නි)

:       0       0

ජ.හේරත් Saturday, 04 May 2013 03:59 AM

අනේ ඔව් , ජාති බේදයක් නැතුව අපි හැමෝම අවුරුදු 30 දුක් වින්දා මතකනේ. නැවත එදා වගේ අඳුරු යුගයක් මේ රටේ ඇති වෙන්න නම් දෙන්න එපා (නි)

:       0       0

හේරත් Saturday, 04 May 2013 05:01 AM

අනේ හොඳයි. අලුත් කෑම හොයනවා වෙන්න ඇති. නියපොත්තෙන්ම සුද්දකරලා දාන්න (නි)

:       0       0

නිමල් Saturday, 04 May 2013 08:22 AM

දෙමල ජාතිවාදය නවත්වන්න නම් කවදාවත බැහැ. අඩුම වශයෙන් සාමයෙන් ඉන්නවත් බල ලෝබය අමතක කරන්න ඕනෑ. නැත්නම් මේ රට සුළු ජාතික ජාතිවාදීන් කොටස් කර ගන්නවාමයි. (නි)

:       0       0

සමන්තා පෙරමුණ Friday, 03 May 2013 06:33 PM

කැලෑ මාරු කෙරුව කොටි නැවත ඇවිත් ඇති.ක ොටින්ගේ ඔලුව අත ගාන කොටසකුත් ඉන්නවා. නැවත එවන් යුගයක් ඇති නොවෙන්න අපි හැමෝම කල්පනාවෙන් තීරන ගනිමු. (නි)

:       0       0

සදුන් Friday, 03 May 2013 06:35 PM

ලත් තැනම ලොප්කොට දැමිය යුතුය (නි)

:       0       0

ශාන්ත Saturday, 04 May 2013 10:11 AM

පිපෙන මල් වලට විසදුම කුමක්දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site