කොටි සංවිධානයේ බව පවසමින් රුපියල් ලක්ෂ 12ක කප්පම් ඉල්ලූ දෙදෙනකු රැඳවුම් නියෝග මත යාපනය පොලීසියේ දී ප්‍රශ්න කැරගෙන යයි.
කිලිනොච්චිය පරන්තන් හංදියේදී අත්අඩංගුවට ගත් මෙම දෙදෙනාගෙන් එක් අයකු කිලිනොච්චිය තිරුනගර්හිදී, අනෙකා යාපනය කෝපාහිද පදිංචි කරුවන් බව සොයාගෙන ඇත.
මොවුන් දුරකතනයකින් කතා කොට ‘අපි එල් ටී ටී ඊ. අපි දැන් ඇවිල්ලයි ඉන්නේ. අපේ අනෙක් නායකයොත් දැන් මහේ ඉන්නවා.මම යාපනයේ එල් ටී ටී ඊ ප්‍රධානියා අපේ නායකයා විතරයි තවත් එන්න ඉන්නේ, අපට ආයෙත් නැගිටින්න අයුධ නැහැ. ඒ නිසා ඒකට ඔබගේ උදව් ඕනෑ‘ යැයි පවසා මුදල් ඉල්ලා ඇති බව පොලීසිය කියයි.
යාපනය නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්සිරි මහතා පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අය ඉක්මනින් අත්අඩංගුවට ගන්න ඕනෑ. නැත්තම් ආයෙත් රටේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එවන් යුගයක් අපිට ආයෙත් එපා. (නි)
මම හිතන්නේ මේ දවස් වල බටහිර රටවලින් අර ඇෆ්ගන් වලට ලැබෙන ආධාර වගේ ඒවා මදි ඇති. (නි)
අනේ ඔව් , ජාති බේදයක් නැතුව අපි හැමෝම අවුරුදු 30 දුක් වින්දා මතකනේ. නැවත එදා වගේ අඳුරු යුගයක් මේ රටේ ඇති වෙන්න නම් දෙන්න එපා (නි)
අනේ හොඳයි. අලුත් කෑම හොයනවා වෙන්න ඇති. නියපොත්තෙන්ම සුද්දකරලා දාන්න (නි)
දෙමල ජාතිවාදය නවත්වන්න නම් කවදාවත බැහැ. අඩුම වශයෙන් සාමයෙන් ඉන්නවත් බල ලෝබය අමතක කරන්න ඕනෑ. නැත්නම් මේ රට සුළු ජාතික ජාතිවාදීන් කොටස් කර ගන්නවාමයි. (නි)
කැලෑ මාරු කෙරුව කොටි නැවත ඇවිත් ඇති.ක ොටින්ගේ ඔලුව අත ගාන කොටසකුත් ඉන්නවා. නැවත එවන් යුගයක් ඇති නොවෙන්න අපි හැමෝම කල්පනාවෙන් තීරන ගනිමු. (නි)
ලත් තැනම ලොප්කොට දැමිය යුතුය (නි)
පිපෙන මල් වලට විසදුම කුමක්දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. (නි)