(රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)
උඩවලව පනහඩුව වැවේ ටියුබයක ආධාරයෙන් මත්ස්‍යයන් ඇල්ලීමට ගිය දෙදෙනකු දිගි ගලීමෙන් ඒක් අයකු අතරුදන්ව අනෙත් පුද්ගලයාගේ මියගොස් ඇතැයි උඩවලව පොලිසිය කියයි.
දියේ ගිලී මියගොස් ඇත්තේ උඩවලව පනහඩුව වැවේවත්ත ප්‍රදේශයේ පදිංචි සම්පත් දිසානායකලාගේ සමීර සම්පත් ප්‍රේමතිලක නැමති විසි නව හැවිරිදි අයකු බව පොලිසිය පවසයි.
මහආර ප්‍රදේශයේ පදිංචි රත්නායක ආරච්චිලාගේ අනුර ක්‍රිෂාන්ත රත්නායක නැමැති තිස් හැවිරිදි අයකු එසේ දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් එම තැනැත්තා යුද හමුදා බුද්ධි බළකායේ සේවයේ යෙදී සිටින උඩවලව පනහඩුව මහආර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු බවද පොලිසිය පවසයි.
එම යුද හමුදා කෝපල් නිවාඩු ලබා නිවසට පැමිනිමෙන් අනතුරුව ප්‍රදේශ වාසියකු සමග පනහඩුව වැවට ගොස් මාළු අල්ලමින් සිටින අවස්ථාවේ එම ඛේදවාචකයට මුහුණදීමට සිදුවී ඇතැයි පොලිසිය කියයි.
හුලං පිරවූ ටියුබයක් ආධාර කරගෙන පනහඩුව වැවේ ජලය මත පාවෙමින් සිටියදී ජලයේ ගිලී ඇති බවත් එය දුටු ප්‍රදේශ වාසියකු පොලිසියට පවසා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පනහඩුව වැවේ ජීවිත දෙකක් සැඟ වේ
Bunny Preena Monday, 21 July 2025 01:47 PM
සාමාන්‍යෙයන් ටියුබ්වල නැගලා වැව්වල මාළු අල්ලන්න යන්නේ හොඳ පලපුරුදු අය... සමබරතාවය ගිළුණා නම් ඉතින් ජලයේ ගිලෙන්න පුළුවන් හරියට පීනන්න බැරි වුණා නම්. බොහොම වටිනා තරුණ ජීවිත දෙකක් අකාලයේ නැති වුණා... ඔවුන්ට නිවන් සුව පතමි...