ජාති ජරා ව්‍යාධි මරණ හේතුවෙන් ඉපදීම දුකක් මිස සැපක් නැත. ඉපදෙන කිසිම සත්වයෙකුට මේ අවස්ථා හතරෙන් මිදිය නොහැක. ඉතිරි දුක් හටගන්නේ මේ අවස්ථා හතර මුල් කරගෙනය. ඇස කන නාසය දිව ශරීරය මනස නිසා ඇතිවන දිට්ඨියට ගෝචර වුණ (අසුවුණ) දෙයකට කැමැත්ත නිසා ඇතිවන ඇලීම බැදීම ප‍්‍රධාන මූලික අවස්ථාවක් කරගෙන ආශාව ඇතිවී තණ්හාව හට ගෙන ඉපදීම හෙවත් භවයක් හටගනී. සංසාරයේ ඉපදීම දුකක් නම් මේ ඉපදීමට හේතුව තණ්හාව වන හෙයින් නිර්වාන සුවය ප‍්‍රර්ථනා කරන බෞද්ධයා තණ්හාව යනු කුමක්ද එය ඇතිවන හැටිත්, නැතිකරගන්නා සැටිත් දැනගත යුතුය. නිවැරදිව දැනගෙන එය අනුගමනය කළ යුතුය. ධර්මය කොපමණ දැනගත්තත් නිවැරදිව පරිහරණය කිරීමට නොදැනගතහොත් එහි විපාකය වනුයේ විෂඝෝර සර්පයෙකුගේ වලිගයෙන් අල්ලා ගත්තා සේය. වැරදි ධර්මය අනුගමනය කිරීම නැවතත් සංසාරයේ අතරමංවීමයි. මාද මේ නිවැරදි ක‍්‍රමය දැන ඉගෙන ගත්තේ අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන්ගෙන් බව නමස්කාරපූර්වකව සිහිපත් කරමි. අවුරුද්දක් පමණ කාලයක් ලංකාදීප අන්තර්ජාලයේ නිහඩව සිටි මා හට මෙම ධර්ම මාර්ගය සැමට දීමත් මාගේ ධර්මඥ්ඥාණය වර්ධනය කරගැනීමේ අරමුණෙන් නැවතත් ලිවීමට සිතුනි.
මිනිසත් භවයක් ලබන අපට තණ්හාව ඇති වන්නේ ඉපදුන මොහොතේමය. ඉපදුන දරුවා අඩන්නේ තමන් මෙතෙක් සිටි තැන අහිමි වූ නිසාය. හැඬිල්ල නවතින්නේ රසයි හොදයි කැමතියි කියන දෙයක් ලැබුන නිසාය. ඒ මවගේ කිරි ටිකය. ඉන් පසුව ජීවත්වන පුරාම සිදු වන්නේ ආශාවන් පොදිබැඳ ගැනීමය. කැමැත්ත නිසා ඇතිවන ආශාවන් හේතුවෙන් ඇතිවන තණ්හාව කුමක්දහටගන්නේ කෙසේද. පණ ඇති හෝ පණ නැති වස්තුවකට අධික ලෙස කැමැත්ත ආශාව ඇතිවීම තණ්හාවයි. මෙය හටගන්නේ බාහිර දේ නිසාත්,ශරීරය නිසාත්,සංකල්ප හෙවත් සිතුවිලි හා දැක්ම හෙවත් දෘෂ්ඨිය නිසාය.
තණ්හාව යනු මම මාගේ යන වචන දෙකතුල හට ගන්නා දෙයක්ය. මම කියා කියන්නේ ශරීරයටයි,අභ්‍යන්තරයටයි මාගේ කියන්නේ පිටස්තරයන්ටයි බාහිර දෙයටයි. මෙය මූලිකව ඇති වන්නේ දෘෂ්ඨිය හෙවත් දැක්ම හේතුවෙනුයි. දෘෂ්ඨියට උදව් උපකාර වන්නේ ඇස කන නාසය දිව ශරීරය මනසින් ගොඩනැගගෙන පංච උපාදනස් කන්දයයි. පෙර සදහන් කල පරිදී ශරීරය තුලිනුත්,බාහිරයෙනුත්, ප‍්‍රසිද්ධව තණ්හාව උපදින අතර අප‍්‍රසිද්ධව සංකල්ප හා දෘෂ්ඨිය තුළ හටගනී. මේ අවස්ථා හතර කුමක්ද එයින් තණ්හාව මුදවා ගන්නේ කෙසේද බලමු.
බාහිර හා පිටස්තර තණ්හාව හට ගැනීමට උපකාර වන්නේ,මාගේ කියා තමාගේ කර ගැනීමට ගන්නා පණ ඇති සහ පණ නැති දේවල්ය. ධම්ම පදයේ බාලවග්ගයේ සඳහන් වෙනවා ”පුත්නා මත්ති ධනං මන්ති ඉතිබාලෝ විහන්ජති” මට ධනය තිබෙනවා දරුවො ඉන්නවා, හැබැයි මෙහෙම හිතන්නේ අඥ්ඥානයෝ බාලයෝ කියලත් කියනවා. (මෙය පසුව තේරේවි) බාහිරින් මාගේ කියා අල්ලා ගන්නේ අම්මා,තාත්තා,සහෝදරයින්,බිරිඳ ස්වාමියා දුව පුතා සහ ඥාතින් වන ප‍්‍රාණයක් ඇති දේය. පණ නැති වස්තූන් වශයෙන් දේපල වස්තු ධනය වන තවත් භෞතික දේවල්ය. මේවා කරගහගන්නේ කොපමණ බලාපොරොත්තු තියාගෙනද,බලාපොරොත්තුව කැමැත්ත ආශාව මුල්කර ගෙන ඇතිවන තණ්හාවයි අප වයසක අම්මාට තාත්තාට සලකන්නේ අවබෝධයෙන්මද? එහෙම නම් හොදට සලකන අම්මා තාත්තා නුරුස්සන නොගැලපෙන වචන කි‍්‍රයා පාවිච්චි කරනවානම්, ”කොච්චර හොඳ කලත් හොඳක් අහන්න නෑ” කියලා හිතෙන්නේ නැතිද, සලකන්නේ මගේ හොඳ පුතා හොඳ දුව කියයි කියලා බලාපොරොත්තුවෙන් නොවේද? බලාපොරොත්තුව කැමැත්ත ආශාව තණ්හාව නිසාමයි.තරුණයෙක් තරුණියක් බිරිදක් ස්වාමි පුරුෂයෙකු වන්නේ අහසෙයි ඇති, ඉර හඳ තරු ගලවලා අතේ තියන්නම්. ලූණුයි බතුයි හරි කාලා අපි දෙන්නා මැරෙනකම් එකට ජීවත් වෙමු කියා, කොපමණ බලාපොරොත්තු පොදි බැඳගෙනද (පසුව සිදුවන්නේ මායාවක් නොවේද) මගේ බිරිඳ, මාගේ ස්වාමියා කියා කියන්නේ කැමැත්ත ආශාව, රාගය, තණ්හාව නිසාය. මගේ දුව පුතා ලොකු කරන්නේ උගන්වන්නේ විවාහකර දෙන්නේ දේපල ලියලා දෙන්නේ අවසානයේ දරුවන්ගේ දරුවෝ බලාගන්නෙත් ඇලීම බැදීම මාගේ කර ගැනීම නිසාය. එයද තණ්හාවය.
ලොව කිසිදෙයක් මාගේ නොවේය. මමවත් මාගේ නොවන බව සිතනවාද, සියල්ල ඇතිවී පැවති නැතිවී යන බව නොසිතෙන්නේ ඇලීම බැදීම මාගේ කර ගැනීමේ ප‍්‍රතිඵලය වන තණ්හාව නිසාය. ඥාති හිතමිත‍්‍රාදීන් මාගේ කර ගැනීමේ ප‍්‍රතිඵලයද එයමය. මේ පණ ඇති දේ නිසා ඇතිවන තණ්හාවයි. පණ නැති වස්තූන් වශයෙන් සැලකෙන්නේ දේපල වස්තු මුදල් වැනි දේවල්ය. මේවා අපට කොපමණ තිබුණත් ඇති වෙනවාද ලැබෙනවානම් ප‍්‍රතික්ෂේප කරනවාද, මේ භෞතිකවස්තු ළංකර ගැනීම තමන් සතු කරගැනීමට කොපමණ උත්සහයක් ගන්නවාද, සාධාරණ ක‍්‍රම වලට වඩා අසාධාරණ අමානුෂික වැරදි කි‍්‍රයාවන් තුළින් භෞතික සම්පත් සොයාගැනීමට වෙහෙසෙන්නේ කැමැත්ත ආශාව තණ්හාව නිසා නොවේද, කෙනෙකුගේ ජීවිතය හෝ ජීවිත ගණනාවක් හෝ විනාශ කර තමන්ගේ ගොඩවැඩි කර ගැනීමට උත්සහගන්නේ මේ සියල්ල දැන් මාගේ කියන තණ්හාව මූලික වන නිසාය. ඊළඟ අවස්ථාව තණ්හාව ඇති වන්නේ ශරීරයෙන්ය.ශරීරයෙන් තණ්හාව උපදින අවස්ථා තුනක් තිබෙනවා එනම් වචන, ක‍්‍රියාව, පැවැත්ම හෙවත් දහමේ වචනයෙන් වාචා කම්මන්න ආජීවයි. තමන්ගේ ලාභ සත්කාර සදහා බොරු කීම, කේලම් කීම, පරුෂවචන කීම පලක් ප‍්‍රයොජනයක් නැති වචන පාවිච්චි කිරීමෙන්ය. කම්මන්න හෙවත් ශරීර ක‍්‍රියාකාරකම් වලින් තණ්හාව පෝෂණය වන්නේ තමන්ගේ ලාභ ප‍්‍රයෝජන සදහා සොරකම් කිරීම,කාමය වරදවා හැසිරීම (රාගය හෝ ආශාව කාමයම නෙවේ ඕනෑම පණ ඇති පණ නැති වස්තුවකට ඇති අශාවයි) සතුන් මැරීම (සියලූ සත්වයෝ) වන අතර ආජිව හෙවත් දිවිපැත්ම උදෙසා කරන වැරදි ක‍්‍රියාවලි වන මස්මාංශ වෙලදාම, මත්ද්‍රව්‍ය, ගිනි අවි වෙළදාම, අධික මුදලට වෙළදාම, ගිනි පොලියට දීමෙන්, ශරීරයෙන් තණ්හාව හටගන්නා අවස්ථාවන්ය. තුන්වන හා හතරවන අවස්ථා දෙකම සම්බන්ධ වී තණ්හාව උපදින බව කිව යුතුය. එය නම් දිටිඨිය හෙවත් දැක්ම හා සංකල්ප හෙවත් සිතුවිලිය. වැරදි දිට්ඨිය නිසා වැරදි සංකල්ප ගොඩනැගෙන නිසා මේ අවස්ථාන් දෙක සම්බන්ධ වී තණ්හාව ගොඩනගන බව කිව යුතුය.
දිට්ඨිය වෙනස් වන සෑම මොහොතකම සංකප්ප වෙනස් වීම ස්වභාවයකි. අපේ පංච ඉන්ද්‍රීයයන් නිසා හටගන්නා වැරදි දැක්මවල් නිසා ඇතිවන අයහපත් අකාරුණිකව අමානුෂික සිතුවිලි උපාදානය වන්නේද තණ්හාව මුල්කරගෙනය. ක්ලේෂ ධර්ම ප‍්‍රතිපත්ති ඇති පෘථග්ජන කියන පුද්ගලයින් ළඟ තණ්හාව හට ගන්නා අවස්ථා හතර මාගේ බුද්ධි මට්ටමින් විස්තර කළ ආකාරය අවබෝධ කර ගැනීමට හැකිවේ යැයි සිතමි. තවද ගිහියාට මේ අවස්ථා හතරම තන්හාව ඇති වන අවස්ථාවන් වුවත් පැවිදි අයටද බාහිර පිටස්තර අවස්ථා හැර අනෙක් අවස්ථා තුන ඇතිවන බව කිව යුතුය. (නැත්තේ කළුනික සොයා ගැනීම වැනිය) මෙතෙක් පැහැදිලි කිරීම අනූව දුකට හේතුව ඉපදීම,ඉපදීමට හේතුව තන්හාව දුරුකර බෞද්ධයෙකුගේ ඒකායන පරමාර්ථය නිවන් අවබෝධකර ගන්නා පිලිවෙත දැනගනිමු.
අප ගෞතම සම්බුදුරජානන් වහන්සේ දේශනාකල ශ‍්‍රී සද්ධර්මය යනු චතුරාය්‍ය සත්‍යයයි.සෑම දේශනාවක්ම මේ සත්‍ය හතර මුල්කර ගෙන ඇත. මේ සත්‍ය සතර අවබෝධ වූවා යන්න විමුක්තියයි.දුක්ඛ සත්‍යය,දුක්ඛ සමුදය සත්‍යය,දුක්ඛ නිරෝධ සත්‍යය, හා දුක්ඛ නිරෝධගාමී පටිපදා මාර්ග සත්‍යය හෙවත් දුක, දුක ඇතිවීම,දුක නැතිවීම, දුක නැතිකර ගැනීමේ මාර්ගය යනු චතුරාය්‍ය සත්‍යයයි. දුක නැති කර ගැනීමේ මාර්ගය ආර්ය අෂ්ධාංගික මාර්ගයයි. බුදුරජානන් වහන්සේගේ ආර්ය මහා ශ‍්‍රාවකයින් නිර්වානය ශාක්ෂාත් කර ගැනීම ස`දහා අනුගමනය කල නිරාමිස කරුණු අට ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වේ. මෙම පිලිවෙත අනුගමනය කරන ආර්ය පුද්ගලයා ලබන ශික්ෂාවන් නම් ශීල සාමාධි ප‍්‍රඥ්ඥා යනුවෙන්ය. ආර්ය අෂ්ඨාංගක මාර්ගය අනුගමනය කරන අයට ශිලශික්ෂාව සම්පූර්ණ වන්නේ වචා කම්මත්ත ආජීව සම්මා කරගත් විටය,සමාධි ශික්ෂාව සම්පූර්ණ වන්නේ වායාම සති සමාධි සම්මා කර ගත්විටය.ප‍්‍රඥ්ඥා ශික්ෂාව සම්පූර්ණ වන්නේ දිට්ඨි සංකප්ප සම්මා වූ විටය. කෙනෙකු ශීලයෙන් සමාධියත් සමාධියෙන් ප‍්‍රඥ්ඥාවන් සම්පූර්ණ වූවා යන්නෙහි තේරුම චතුරාය්‍ය සත්‍ය අවබෝධකරගෙන තණ්හාව සම්පූර්ණයෙන් ඉතිරි නැතිව දුරුකර විමුක්තිය ලගා කර ගත් බවය. එසේ නම් නිවන් ප‍්‍රාර්ථනා කරන අපට තිබෙන්නේ ධර්මය සෙවීම නොව අප ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ සත්‍ය ඥාණය, කෘත්‍ය ඥාණය, කෘතක් ඥාණය අඩුවක් නොමැතිව සම්පූර්ණ කර සොයාගත් ධර්මය දැන අනුගමනය කරන එක නොවේද.
සෑම ජීවත් වන සත්වයෙක් හොද නරක අනූව ක‍්‍රියාවේ යොදවන වචා-වචන, කම්මන්ත- ක‍්‍රියාකාරකම්, ආජීව-පැවැත්ම උදෙසා, වායාම-උත්සාහය, සතිය-සිහිකල්පනාව, සමාධි-එක`ග බව, දිට්ඨි-දැක්ම, සංකප්ප-සිතුවිලි, නිසා අප තුල ඇතිවන තන්හාව දුරුකර නිර්වානය උදාකරගැනීමට මෙම කරුණු අට, සම්මා කරුණු අට වන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා සංකප්ප, සම්මා දිට්ඨි කරගන්නා ආකාරය ලබන පොහොය දින ලංකාදීප අන්තර්ජාලය තුලින් විස්තර කරන තුරු පැහැදිලි කර දුන් දෙයින් සැමට සත්‍ය ඥාණය උදාවේවායි ප‍්‍රාර්ථනා කරමි.
තෙරුවන් සරණයි !!!
මෙයට,ශාසනලැදි සෝමතිලක හෙට්ටිආරච්චි (විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරී)
0712385967
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පෝදා දහම් හමුව
නුවන් Friday, 16 September 2016 02:05 PM
නිවන් අවබෝධයට මුල්වන්නේ ප‍්‍රඥාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිවෙලින් බලන්න (නි)
දයානි Friday, 16 September 2016 04:10 AM
මහත්මයාණෙනි ! ඔබතුමාට නිවනම අවබෝධ වේවා.මෙතරම් පැහැදිලිව මෙම ධර්ම දානය දුන්නාට! (හේ)
ජගත් Friday, 16 September 2016 05:30 AM
බුදු දහම පිලිපැදීමෙන් ලැබෙන සහනය අපමණයි. (හේ)
ජාලිය Friday, 16 September 2016 05:23 AM
බුදු දහම පිලිපැදීමෙන් ලැබෙන සහනය අපමණයි. කිසිම බේදයකින් තොරව බුදු දහම දැනගත්තොත් අප තුල ඇති බොහොමයක් ගැටළු විසදා ගත හැකියි. පින්සිදු වේවා.(හේ)
අනුලි Friday, 16 September 2016 06:50 AM
පින්සිදු වේවා (හේ)
කල්පනී Friday, 16 September 2016 06:51 AM
මහත්මයාණෙනි ! ඔබතුමාට නිවනම අවබෝධ වේවා...(හේ)