රත්නපුර මල් ශාලාවකදී මාරු වූ සිරුරු දෙකක් සහිත පෙට්ටි කහවත්ත නීලගම මංසන්ධිය අසළදී මාරු ඇරගැනීමට මල්ශාලා කළමනාකරුවෝ සමත්වූහ.
ඇහැලියගොඩ නිවසකට රැගෙන යා යුතු පෙට්ටිය රක්වානට ගෙන යද්දී මල් ශාලාවේ තවත් අවමංගල රථයක් රක්වානට ගෙන යා යුතු සිරුර රැගෙන පැමිණියේය.
පාර අයිනේ අවමංගල රථ දෙක නවතා නෑයන්ට ද ඒ බව දන්වා පෙට්ටි දෙක මාරු කර ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පොඩ්ඩෙන් වැරදි එක්කෙනා දිව්‍යලෝකේ යනවා. (නි)
තාමත් මිනි මාරුවනවද? මල්ශාලාවේ මිනිස්සුන්ගේ මොලේ මාරුවෙලා වෙන්න ඇති.(ස)
මාර ව්නාසයක්නේ වෙලා තියෙන්න (දී)
දැන් ලංකාවේ අයගේ මොලේ මාරු වෙන හැටි දැක්කම මේවා හරි පොඩි දේවල්.(නදී)
පාර අයිනේ අවමංගල රථ දෙක නවත්වලා පෙට්ටි දෙක මාරු කර කර ඉන්නේ නැතිව අවමංගල රථ දෙක නිවෙස් දෙකට ගියානම් ඉවරනේ (නි)
නියම මල් ශාලාවක් (නි)
පෙර බවයක නෑකමක් තිබෙන්ට ඇති (නි)
පෙට්ටි දෙකකින් හෝ එකම තැනකදී හමු වී යාමට ඉඩක් ලබන්න ඇති.(ස)
අදාල නිවාස අනුව ගෙන යු යුතු අවමංගල රථවල වෙනසක් තිබුනද? නැතිනම් නිවාස දෙක තෝරාගෙන යන්න තිබුණනේ. මොකටද පෙට්ටි විතරක් මාරු කළේ.(ස)