IMG-LOGO

නෙළුම් වැව උණුදිය උල්පත් අලුත් වෙයි

(අංජුල මහික වීරරත්න)

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට රජය සැලසුම් සකස් කර ඇත.

මෙතෙක් මෙම උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම එහි සංචාරය කිරීමට දෙස් විදෙස් සංචාරකයන් දක්වන උනන්දුව අඩු වීමට හේතුවක් වී තිබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

මීට අදාළ සාකච්ඡාවක් අද (24) එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, එහි නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි.  මෙම සාකච්ඡාවේදී නෙළුම්වැව උණුදිය උල්පත් සංවර්ධනය කිරීමේ වැදගත්කම, එහි ඇති සංචාරක සහ තාක්ෂණික විභවතාව මෙන්ම වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි.

උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශයේ වන ගහනය වැඩි කිරීම, දූපත අලංකරණය සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීමට පහසු වන ආකාරයට ගොඩබිමේ සිට දූපත දක්වා පාලමක් ඉදිකිරීම ආදී කරුණුද මෙහිදී සාකච්ඡාවට ලක් විය. 

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්,  වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. ඩබ්. වසන්ත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය භූගත ජලවිද්‍යාඥ ධර්ම ගුණවර්ධන යන මහත්වරු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා තවත් ආයතන කිහිපයක නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (0)

නෙළුම් වැව උණුදිය උල්පත් අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 100 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2237 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 693 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site