(අංජුල මහික වීරරත්න)
‘ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය - 2025’ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (20) හමු විය.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙම හමුව පැවැත්විණි.
ජුනි 27 වැනිදා සිට ජූලි 4 වැනිදා තෙක් රටවල් 11ක සහභාගීත්වයෙන් දකුණු කොරියාවේදී 2025 ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය පැවැත්වේ.
අමාත්‍යවරයා, ඔවුන්ට ජයග්‍රහණය සඳහා දිරිගැන්වීම් සමග සුබ පැතුම් එක් කළ අතර, ඔවුන් සමඟ සුහද පිළිසදරක ද යෙදුණි.
මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒකනායක, දැල්පන්දු පුහුණුකාරිනි හයිසින්ත් විජේසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නෙට්බෝල් ශුරතාවට කොරියා යන කණ්ඩායම ඇමති හමු වෙයි