IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


නීතිඥවරිය ගැන තොරතුරු තවත් එළියට

(ගයාන් සූරියආරච්චි)

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩවත ප්‍රදේශයේ නීතීඥවරිය ඉකුත් 2023 වසරේදී මැඩගස්කර පොලිසිය විසින් අත්අඩංගුවට ගත්  සංවිධානාත්මක අපරාධකරුවන් වන සලිදු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදු සහ හරක් කටා නැමැත්තන්  වෙනුවෙන් පෙනී සිටීම සදහා තවත් නීතීඥවරුන් දෙදෙනකු සමග මැඩගස්කරයට ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් නීතීඥවරිය සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට අධිකරණ භූමියට ඇතුළුවීමට නීතීඥ හැදුනුම්පත්, නීතිඥ කබාය සහ නඩු විධාන සංග්‍රහය පොත, නීතිඥ හැදුනුම්පත් නිර්මාණය කරදී ඊට ඇයගේ අත්සනද යොදා ඇති බවත් වෙඩික්කරුට සහ ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට වාහනයේ ගමන් කිරිමේදී නීතිඥවරුන් භාවිතා කරන ස්ටිකර් ආදියද සැකකාර නීතීඥවරිය විසින් සලසා දී බවද විමර්ශන මගින් හෙළිවී ඇතැයි ද විමර්ශන නිලධාරීහු පවසති.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත  පදිංචි 52 හැවිරිදි නීතිඥවරියක බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

නීතිඥවරිය ගැන තොරතුරු තවත් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site