
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කුමාරසිංගම් කුණනාදන් මහතා පත් කර ඇත.
ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්‍රදානය කරන ලදී.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන කුමාරසිංගම් කුණනාදන් මහතා නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ධූරය සහ කුච්චවේලි, වේරුගල්, මන්මුණේ උතුර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම් වශයෙන් ද කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd