අනුරාධපුර විශේෂ දුම්රියක පාපුවරුවේ යමින් සිටි තරුණයකු ශ්‍රාවස්තිපුර කළුපාලමේ හැපී මියගිය බව දුම්රිය රියදුරෝ කියති. දුම්රියේ බස්රියේ ගමන් කරන විට පාපුවරුවේ නොයන ලෙස පොලීසිය වන්දනාකරුවන්ට උපදෙස් දෙයි
අනුරාධපුර විශේෂ දුම්රියක පාපුවරුවේ යමින් සිටි තරුණයකු ශ්‍රාවස්තිපුර කළුපාලමේ හැපී මියගිය බව දුම්රිය රියදුරෝ කියති. දුම්රියේ බස්රියේ ගමන් කරන විට පාපුවරුවේ නොයන ලෙස පොලීසිය වන්දනාකරුවන්ට උපදෙස් දෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාලම ටිකක් පළල් කරන්න බැරිද? දැන් තරුණ ජීවිත කීයක් අපට අහිමි වුණාද? කොල්ලන්ගේ හැටි ඔහොම තමයි. භයානකයි. මේ අන්තිම එක නොවෙන්න පුලුවන්. (නි)
යන එන ගමන් බිමන් කල්පනාකාරී විය යුතුයි.(දී)
දුම්රිය දෙපාර්තමන්තුවේත් නොසැලකිල්ල. මොකද මේක පලවෙනි එක නෙමේ. දුම්රියේ ඉඩ නැති වෙනකොට පාපුරුවේ හරි ගමන යනවා. පිටිගල කියන්න වගේ පාලමේ පළල වැඩි කරමු.(දී)
මදැයි වන්දනාවේ ගියා (දී)
පාපුරුවෙ හෝ තමන්ට අවදානමක් ඇති ස්තානයහී සිටීම අනුවනක්‍රියාවක්.ජිවිතය ගැන කලකිරීමකට පත්වූ අය හෝ අනුවනයෝ එසෙ හසිරේ. (දී)
ඉඩ නැති නිසා පා පුවරුවේ යනවානම් ඒ පන්තියේ අනෙක් පා පුවරුවලත් ගිය අය මැරෙන්න ඇතිනෙ. නෑ එක්කෙනයි මැරිල තියෙන්නෙ. මේක එයාගෙ නොසැළකිල්ල(දී)
මෙතන වෙන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. සමහර තරුණයින් ආසයි හුලන් වැදි වැදි යන්න. ඉතින් කොච්චර ඉඩ තිබ්බත් ඇතුලට යන්නේ නැ. තව සමහරු ඉන්නවා දුර යන කෝච්චිවල නැගල ළඟ බහින නිසා ඇතුලට යන්නේ නැ. ඒ නිසා අනිත් අය පාපුවරුවේ. තවත් සමහරු ඉන්නවා දුම්රියේ අැත්තටම ඉඩ මදි නිසා පපුරුවේ යනවා. කොහොම නමුත් නිවසට/වැඩට පරක්කු වී යාම ජීවිතය අනතුරේ දාගන්න තරම් හේතුවක් නොවෙන බව මිනිසුන්ට තේරෙන්න ඕනා. (නදී)
කොහොම උනත් අපි දන්නේ මොනවා හරි උනහම ඒක හදපු කෙනාටයි අයිති කෙනාටයි බනින එක නේ.(නදී)
මේක පොසොන් කාලෙට හැමදාම වෙන දෙයක්. දුම්රියේ කිසිම ඉඩක් නැහැ. මේ දුම්රියවල හැමදාම යන අය දන්නවා මේ පාලම් දෙකම ඉතා පටු බව. සුද්දෝ මේවා හැදුවේ එදා හිටපු ජනගහනය පා පුවරුවේ යන්න තරම් විශාල නොවූ කාලෙක. මේ පාලම් දෙකම පළල් කිරීම හෝ පාලම් ආරුක්කුව ඉවත් කිරීමෙන් මේ අනතුරු වැලක්වා ගන්න පුළුවන්. වසරකට අඩුම තරමේ ජීවිත දෙකක් වත් බේරා ගන්න පුළුවන්.(නදී)