
(ගයාන් සූරිය ආරච්චි)
භාවිතයෙන් ඉවත්කළ වාහන 76 ක් නැවත නවීකරණය කර අද සිට සේවයට එක කළ බව යුද හමුදාව පවසයි.
එම වාහන නවීකරණය කර නැවත සේවයට යොදවා ගැනීමෙන් මසකට රුපියල් ලක්ෂ දහයක පමණ මුදලක් ඉතිරි වන බව යුද හමුදාව කියයි.
යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ මහතාගේ උපදෙස් පරිදි එම වාහන නවීකරණය කෙරිණි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ නවීකරණය කළ මෙම වාහන නැවත යුද හමුදාවේ සේවය සඳහා එක් කිරීමට හැකිවීමෙන් යුද හමුදාව සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ.
තවද මෙම වාහන නැවත භාවිතයට යෙදවීමෙන් යුද හමුදාව විසින් කුලී ගෙවීමේ පදනම මත ලබා ගන්නා ලද වාහන සඳහා මාසිකව වැයකරන රුපියල් මිලියන 10 ක පමණ මුදල් ප්‍රමාණයක් රජයට ඉතිරි කර දීමටත් එම මුදල් යුද හමුදාවේ සහ රටේ දියුණුව සඳහා යෙදවීමටත් හැකියාව ලැබේ.


2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නවීකරණය කළ හමුදා වාහන 76ක් යළි සේවයට
Neel Friday, 24 October 2025 04:52 PM
මුදල් කලමනාකරණය අංක එක මාලිමා ආණ්ඩුව ජනතාව සමඟයි.. හොරුන්ට කත්අදින බයියෝ මේ වගේ නිවුස් වලට මීග් නැහැ නේද...?